IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොර වැඩක් කිරීමට අනුබල දුන්ග්‍රාම සේවක දැලේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මහනුවර ශාන්ත අන්තෝනිබාලිකා විද්‍යාලයට ළමුන් 29 දෙනෙකු  ඇතුළත් කර ගැනීමටව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් කර ඒ සඳහා ආධාර අනුබල දුන් බව කියන ග්‍රාම  නිලධාරීවරයෙකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර  ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී  වසම ක රාජකාරි කරන ග්‍රාම නිලධාරී වරයෙකි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා විසින් පසුගිය අප්‍රේල් මස 26 වෙනිදාමීට අදාළව කරන ලද පැමිණිල්ලක් අනුවපරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

තමන්ගේ නිල නාමය ,තනතුර  සහ අධ්‍යාපන  අමාත්‍යාංශයේ  ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර කූට ලේඛන සකස්කර මෙම ළමුන් 29දෙනා විදුහලට ඇතුළත් කරගෙන ඇති බවට අතිරේක ලේකම්වරයා පොලිසියට පැමිණිලි කර තිබිණි.



අදහස් (2)

හොර වැඩක් කිරීමට අනුබල දුන්ග්‍රාම සේවක දැලේ

Bunny Preena Wednesday, 23 August 2023 09:51 AM

නගරයක ප්‍රදාන පාසල්වලට කිලෝමීටර 15 පමන දුර සිට දවසකට එන පාසල් බස් රථ සංඛාව ගැනල බැලුවොත් හොදට සොයා ගන්ට පුලුවන් වෙයි හොර සහතික සැකසීම සහ නිකුත් කිරීම කොච්චර හොඳට, බොහොම සාර්කව කරගෙන ගිහින් තියෙනවාදැයි කියලා.

:       1       5

Dammika Attanayake Wednesday, 23 August 2023 04:58 PM

සැමට සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් හදන්නේ නැතිව මේවා නතර කරන්න බැහැ. නගරෙට කිරි ගමට කැකිරි. සුද්දාගෙන් නිදහස් වෙලා කළු සුද්දන්ට යටත් වෙලා අවුරුදු 75යි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site