IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හොර ලියවිලි හදා ඩ්‍රෝනාවක් යවලා

(ඉන්දිකා රාමනායක)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය මගින් නිකුත්කරන ආරක්ෂක නිෂ්කාශන සහතිකයක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කර ඩ්‍රෝනා යානාවක් ගුවන් ගත කළ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොතටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොතටුව ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි තරුණයෙකි.

ඔහු ඩ්‍රෝන යානා නිතර ගුවන්ගත කරමින් විවිධ ඡායාරූප ගන්නා  බවත්, මෙම යානාව ගුවන්ගත කළ අවස්ථාවක දී පොලීසිය ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු මෙම ව්‍යාජ ලේඛන පෙන්වා පොලීසිය පවා නොමග යවා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරකට අනුව ඉකුත් 18 වැනිදා කළ විමර්ශනයේ දී ඩ්‍රෝන යානාවක් ගුවන්ගත කිරීම සඳහා ලබා ගත් බව කියන අවසර පත්‍ර ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කරගෙන ඇත.



අදහස් (0)

හොර ලියවිලි හදා ඩ්‍රෝනාවක් යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site