IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හොර ලේඛන සකසා රට පනින්න හැදු යුවළට වැඩ වරදී

 

(  ටී.කේ.ජී.කපිල )

කූඨ ලේඛන භාවිතා කරමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණ යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ශ්‍රී ලංකා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 යාපනය , චන්කනායි ප්‍රදේශයේ පදිංචි මෙම යුවළ අතරින් තරුණයා 27 හැවිරිදිය .තරුණිය 28 හැවිරිදිය .

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි බලා පිටත්ව යන ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 279 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

මොවුන් පිළිබඳව ඇති වූ සැකය මත ඔවුන් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැදවා , ඔවුන් රැගෙන විත් තිබූ ගමන් මලු පරීක්ෂා කිරීමේදී , ඒවා තුළ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සහ මෙම  තරුණයාට අයත් ව්‍යාජ වීසා බලපත්‍රයක් ද සොයා ගෙන තිබේ .

එහිදී තරුණියගේ වීසා බලපත්‍රය පිළිබඳව විමසූ විට , ඇය නිහඬව සිටීම නිසා ශ්‍රී ලංකා ආගමන විගමන කාන්තා නිලධාරිනියක මෙම ස්ථානයට  කැදවා , මෙම තරුණියගේ සිරුර පරීක්ෂා කර ඇති අතර , එහිදී ඇයගේ යට ඇදුම තුළ , එම ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍රය සගවා ගෙන තිබියදී සොයා ගෙන තිබුණි .

එසේ සොයා ගත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකෙහි සැබෑ හිමිකරුවන් වූ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි යුවළ ද ඒ වනවිටත් , ඔවුන්ගේ සත්‍ය ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින්  මෙම ගුවන් යානය තුළ ඒ වනවිටත් අසුන් ගෙන සිට තිබේ .

මෙසේ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් මෙම යුවළ , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .

 

 



අදහස් (3)

හොර ලේඛන සකසා රට පනින්න හැදු යුවළට වැඩ වරදී

Prabha Wednesday, 02 August 2023 02:56 PM

යන කෙනෙක්ට යන්න දෙන්න අප්පා...!

:       0       12

Perera Thursday, 03 August 2023 05:21 AM

ප්ලේන් එකේ නැගලා හිටපු දෙන්නත් වැඩේට හවුල් වගේ

:       0       0

Pavithra Friday, 04 August 2023 12:27 PM

කීයක්හරි හොයාගන්න යන මිනිස්සුන්ට මේ අය හිරිහැර කරනවා ... කීයක් හරි අතේ තිබ්බා නම් ප්‍රශ්නයක් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site