IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හොර රැකියා නියෝජිතයෝ කෝටි ගණන් ගරලා

(ටී.කේ.ජී.කපිල)

රට පුරා පුද්ගලයන් 119 දෙනකු රවටා රුපියල් කෝටි 41කට වැඩි මුදලක් වංචා කර ඇතැයි කියන අන්තර් ජාලයේ සැරිසරන ව්‍යාජ රැකියා නියෝජිතයන් පිරිසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.

මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් කළ විමර්ශනයකදී මේ තොරතුරු අනාවරණය වී ඇත.

අන්තර්ජාලයේ ෆෙස්බුක් ඔස්සේ හඳුනාගෙන තිබූ ව්‍යාජ රැකියා නියෝජිතයන් යුරෝපයට, ඕස්ට්‍රේලියාවට, ජපානයට, ඉතාලියට, නවසීලන්තය සහ ප්‍රංශය වැනි සංවර්ධන වූ රටවලට යවන බවට පොරොන්දු වී මෙලෙස මුදල් වංචනික ලෙස රවටා ලබාගෙන ඇතැයි කියති.

මෙම ව්‍යාජ රැකියා නියෝජිතයන් පැමිණිලිකරුවන්ගෙන් පිරිසක් රවටා මුදල් ගැනීමෙන් පසු ඔවුන් තාවකාලික වීසා බලපත්‍ර සකස් කර ඉන්දියාව, සිංගප්පූරුව සහ ඩුබායි රාජ්‍යයට රැගෙන ගොස් අතරමං කර දමා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙවැනි පැමිණිළි 95ක් ඉකුත් වසරේදී මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබී තිබිණි.

එසේම මේ වසරේ මේ දක්වාද මෙවැනි පැමිණිලි 45 ක් මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී ඇත.

පැමිණිලිකරුවන්ගෙන් ඇතැමෙක් මීගමුව පොලිස් කොට්ඨාසයේ පදිංචිකරුවෝ වෙති.

තිස්සමහාරාමය, ගල්නෑව, මීගමුව ප්‍රදේශවල ව්‍යාජ රැකියා නියෝජිතයන් පිරිසකට එරෙහිව ද කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මෙසේ පැමිණිලි කර ඇත.

මෙවැනි වංචනික රැකියා නියෝජිතයන් ලෙස පෙනී සිටි පුද්ගලයන් 83 දෙනෙකු ගිය වසරේදීත් තවත් 24 දෙනකු මේ වසරේදීත් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කර ඇත.

 



අදහස් (0)

හොර රැකියා නියෝජිතයෝ කෝටි ගණන් ගරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site