(යොහාන් භාසුර)
කොළඹ 15, මෝදර ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරුගේ නිවසේ තිබූ ඖෂධ තොගයක් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගත් බවට සැක කරන අමුද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර සහ ඖෂධ අංශය පවසයි.
මත්ලෝලීන් බහුලව භාවිතයට ගන්නා ප්‍රබල වේදනා නාශක කරල් අදාළ පුද්ගලයා නිෂ්පාදනය කර ඇති බවත් ඉන්දියාවේ ඖෂධ වෙළඳ නාමයන්ට සමාන වන ලෙස මොහු ඖෂධ නිෂ්පාදනය කර ඇති බවත් ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න සහ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අධිකාරියේ අධීක්ෂණ සහ බලාත්මක කිරීමේ අංශයේ ප්‍රධානී ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා සහ ජේෂ්ඨ ආහාර හා ඖෂධ පරීක්ෂක මහින්ද කුමාරසිරි යන මහත්වරු මහත්තුරු ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම ක්‍රියාත්මක කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හොර බෙහෙත් ගබඩාවක් මෝදරින් අල්ලයි
Gayan Tuesday, 25 April 2023 02:19 PM
ඉන්දියා වලට වඩා මේක හොඩයි . මෙයාට අවශ්‍ය සහය දීල , උදවු කරන්න. මෙකක්ද වරද . ගොන් පාට්