(ඉන්දිකා රාමනායක)
ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල රැදී සිට පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් තැරව්කරුවන් 9 දෙනෙකු පොලිස් බුද්ධි අංශ මගින් අද (19) අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම සැකකරුවන් මෙහි සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත් හොර පාරෙන් සකස් කරන්න පුද්ගලයින් බවද එම අමාත්‍යාංශය පවසයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000 ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි ලැබී තිබු අතර මාධ්‍ය මඟින් ද මේ බව හෙළි කර තිබුණි.
මේ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බුද්ධි අංශවලට මේ පිලිබදව වහාම සොයා බලන ලෙසට ඊයේ දිනයේදී නියෝග කර ඇත
ඒ අනුව අද උදෑසන සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර මෙසේ වංචනිකයන් සමග එකතුවී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිලිබදවද සොයා බලන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා දැනුම් දී ඇත.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර පාරෙන් පාස්පෝට් දෙන්න ගිය 9ක් මාට්ටු
Nirupama Rajapaksa Friday, 19 May 2023 10:24 AM
ඉස්සරහ ප්‍රධාන දොරෙන් ගියා නම් ඉවරයි නෙ. පිටි පස්සෙ LAT දොරවල් වලින් යන්නෙ නතුව.
visnu Friday, 19 May 2023 10:32 AM
මෙය ,ප්‍රමාණවත් නොවේ. දෙපාර්තමේන්තුවේ සිටින සැබෑ වැරදිකරුවන් හඳුනාගන්න. මෙම මිතුරන් තැරැව්කරුවන් පමණි. ඔබ මේ පිටුපස සිටින දෙපාර්තමේන්තු සේවකයින්ට දඬුවම් කළ යුතුය, එසේ නොමැතිනම් ප්‍රතිඵල නැත.
Harsha Friday, 19 May 2023 03:36 PM
ආයතනය ඇතුලේ හොරුන්ට තමයි මුලින්ම දෙන්න ඕනේ...