IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


හොර පෙට්‍රල් සමග තුනක් සැකපිට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ආදේශක පෙට්රල් නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය සදහන් කරයි.

එම සැකකරුවන් තිදෙනා සමඟ එලෙස නිෂ්පාදනය කළ ආදේශක පෙට්‍රල් ලීටර් 165 ක් අඩංගු ප්ලාස්ටික් කෑන් විස්සක් සමඟ ඒවා නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

කැස්බෑව පොලීසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

කෙමිකල් වර්ග සහ ස්පීතු වර්ගයක් කලවම්කර මෙම ආදේශක ඉන්ධන නිෂ්පාදනය කරන බවට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් අනාවරණය වූ බව පොලිසිය කියයි.

මෙලෙස නිෂ්පාදනය කරන ලද පෙට්‍රල් ලීටරයක් රුපියල් 1000 ක මිලකට විවිධ පුද්ගලයන් වෙත අලෙවි කර ඇති බව විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කියයි

මේ වන විට දිනකට යතුරුපැදි පනහකට පමණ ඉන්ධන සපයන බවට ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත



අදහස් (6)

හොර පෙට්‍රල් සමග තුනක් සැකපිට

සත්‍යපාල Friday, 15 July 2022 10:06 AM

ආන්ඩූවෙන් තෙල් දෙන්නෙත් නැත්නම්, ආදෙශක හදන එකේ ඇති වැරුද්ද මොකක්ද? තව ටික දවසකින් සූර්ය විදුලි පද්ධතිත් නීති විරෝධී කියයිද දන්නේ නෑ මේ මරි මොඩ රැළ..

:       1       21

BamunuarachchiFriday, 15 July 2022 02:54 PM

ගොන් කරත්ත දක්කන කෙනෙකුට පෙට්‍රල්වල වෙනස දන්නේ නැහැ. ගොනාට හානියකුත් නැහැ. නමුත් වාහනවල එන්ජිම පැට්‍රල්වල වෙනස දන්නවා වාහනයට වෙන හානිය දන්නවා...

:       2       0

සම්පත Friday, 15 July 2022 10:14 AM

පදක්කමක් දෙන්න ඕන මනුස්සයව අත්අඩංගුවට ගන්නෙ ඇයි? මේ මනුස්සයට රාජ්‍ය අනුග්‍රහය දීල මේ ක්‍රමය වැඩි දියුණු කලානම් ඉවරයිනෙ..සමහර විට මහ පරිමානෙන් කලොත්, වෙලදපොලේ මිලටත් වඩා අඩුවෙන් පෙට්‍රල් ගන්න පුලුවන් වෙයි. වෙන රටවල් වල මේ වගේ නව නිෂ්පාදන කරන මිනිසුන්ව ඉහලින්ම අගයනකොට, අපේ රටේ අඅත්අඩංගුවට ගන්නව.. ඒක තමයි කියන්නෙ සිස්ටම් එක වෙනස් කරන්න ඕනෙ කියල.

:       1       19

BamunuarachchiFriday, 15 July 2022 02:58 PM

පදක්කම් කොහොම වෙතත් ඒ ඉන්ධන වලින් වාහනවලට වෙන හානියට පදක්කම් කොහොම වෙතත් පඩික්කම් නම් ලැබේවි. ගොන් කරත්ත දක්කන කෙනෙකුට පෙට්‍රල්වල වෙනස දන්නේ නැහැ. ගොනාට හානියකුත් නැහැ...

:       3       0

sharm warn Friday, 15 July 2022 01:45 PM

මෙහෙම දේවල් කරන්න දුන්නාම අර හොර කම්පැණි හදාගෙන කොමිස් ගහන අයට පාඩුයිනේ... තේරෙන්නේ නැද්ද? හරිනම් මේ මනුස්සයන්ගේ තාක්ෂණය අරගෙන වැඩේ පටන් ගන්න ඕනේ රාජ්‍ය මට්ටමින්... ඔන්න මේ රටේ හැටි... රජයේ මුදල් අච්චු ගහලා රට ක්‍රමයෙන් විනාශ කළා...

:       0       0

සනා Friday, 15 July 2022 01:49 PM

ලංකාවට හරියන්නේ නැති කෙනෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site