(චන්ද්‍රසේන ගමගේ සහ පි.ඒ.ගාර්දිවසම්)
ව්‍යාජ පන්දහසේ නෝට්ටු වලින් සූදු සෙල්ලම් කරමින් සිටි පුද්ගලයෙකු හා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙකු අත් අඩංගුවට ගත් බව කටුවන පොලීසිය පවසයි.
කටුවන පොලීසියට ලැබී තිබුණු තොරතුරකට අනුව කටුවන බින්තැන්නේ සූදු පොලක් ඊයේ (11) දින පොලීසිය විසින් වටලා තිබුනු අතර එහිදී ව්‍යාජ මුදල් නෝට්ටු බාවිතා කරමින් සූදු සෙල්ලම් කළ අයෙකු පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ.
ඔහු සන්තකයේ තිබූ ව්‍යාජ 5000 නෝට්ටු 17 ක් පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමු වලින් පසුව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බව කියන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුගේ පුතකු කටුවන නගරයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ යන්ත්‍රයක්ද පරිඝණයක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
අත් අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 37 හා 38 පසු වෙන්නන්බව පොලීසිය කියයි. සැකකරුවන් අද (12) දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හොර නෝට්ටු 17 ක් සමඟ අයෙක් අල්ලයි