IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හැර ගිය අලියෙක් එක්ක රංගෙ මාධ්‍ය හමුවක

(අංජුල මහික වීරරත්න)

 එක්සත් ජාතික පක්ෂයේ බංකොලොත් වීම යනු රට බංකොලොත් වීම යැයි එජාප  මහ ලේකම් පාලිත රංගේ  බණ්ඩාර මහතා පැවසීය.

දැන් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වෙමින් පවතින අතර රටද ශක්තිමත් වීම අරඹා ඇතැයි එජාප මහ ලේකම්වරයා කීය.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට අද (13)සහභාගී වෙමින් රංගෙ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

 සමගි ජන බලවේගයේ කටුගම්පොළ ආසනයේ හිටපු සංවිධායක මෙන්ම හිටපු කැබිනට් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුත්‍ර අසංක පෙරේරා මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ පාලිත රංග බණ්ඩාර මහතා පැවසූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පතාක   යෝධයකු වූ ජයවික්‍රම පෙරේරා මහතාගේ  පුත්‍රයා එජාපය  සමග එකතුවීම සුවිශේෂී සිද්ධියක් බවයි.



අදහස් (7)

හැර ගිය අලියෙක් එක්ක රංගෙ මාධ්‍ය හමුවක

Hafeel Tuesday, 13 February 2024 01:45 PM

එච්චර දිනන්න පුළුවන් නම්, චන්දයක් තියල බලන්න. ජනතාවගේ ප්‍රතිචාර කොහොමද කියල බලන්න පුළුවන්.

:       3       32

de silva Tuesday, 13 February 2024 02:20 PM

3% චන්ද අරන් ආණ්ඩු පිටුවන්න බැහැ , ලබන චන්දෙන් පොහොට්ටුවේ දුෂිත සෙට් එක පාර්ලිමේන්තුවෙන් හැලෙන නිසා පස්ස දොරේ වැඩෙත් අවුල් වෙනවා , අසංක පෙරේරාගේ මුණ බැලුවහම පෙනෙනවා ඔහු ඉන්නේ සතුටෙන්ද නැද්ද කියල

:       2       17

Nimal Tuesday, 13 February 2024 02:24 PM

ඔයාලාගේ සුරංගනා කතා අහලා දැන් රටත් බංකොලොත් අපිත් බංකොලොත්

:       1       24

ගාමිණී Tuesday, 13 February 2024 02:48 PM

අයියෝ කොහෙන්ද මේ මහත්තයාව හොයා ගත්තේ. අපේ U N P වෙච්ච දෙයක්. ඡන්ද 10 වත් තියෙයිද?

:       0       22

නිමල් Tuesday, 13 February 2024 04:31 PM

මේ දිරකඩ වොඩ්කා අංකල් රනියගෙ පස්සේ එල්ලිලා දගලන බොරු දැගලිල්ලක්. තව වැඩි දවසක් නැහැ.

:       0       0

Roy Tuesday, 13 February 2024 10:42 PM

ඔය මොකා ආවත් ඔහේගේ පැත්තට අපිනේ චන්දය දෙන්නේ අපි ඒ වේලාවට බලාගන්නම්

:       1       0

ජී. කුමාර Wednesday, 14 February 2024 11:51 AM

ඔබලාගේ දේශපාලනය කියන්නේ හොරු අරහෙට මෙහෙට පැනීම, ඩීල් දැමීම, නින්දා අපහාස කිරීම ඔය ඒමේ පැත්තට පනින එවුන්ගෙන් එහෙම පනින්න හේතුව පොඩ්ඩක් අහනවාද? ඕවා ඉස්සර උපක්‍රම රංගයෝ... දැන් මිනිස්සු බුද්ධිමත් මෙහෙම පනින එවුන් පෙන්නීමෙන් වෙන්නේ ඔබලාගේ තියෙන ඡන්ද ටිකත් ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site