
(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අධිකරණ අමාත්‍යාංශයේදී අද (12) පෙරවරුවේ සිදු විය.
රැදවියන් බන්ධනාගාරයෙන් නිදහස් වු පසු ඔවුන් සමාජයට වඩාත් ඵලදායී පුද්ගලයින් බවට පත් කිරීම අරමුණු කරමින් සියලු බන්ධනාගාර වල කර්මාන්ත ස්ථාපිත කිරීම ගිවිසුමේ අරමුණයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපිටදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති සාරංග අලහප්පෙරුම යන මහත්වරු ගිවිසුමට අත්සන් කළහ.
බන්ධනාගාරගත රැදවියන්ගේ දඩුවම් විදින කාලය වඩාත් අර්ථවත්ව ගත කිරීම, ඔවුන්ගේ බන්ධනාගාරගත කාලය සංවර්ධන කටයුතු සදහා යොදා ගැනීම,බන්ධනාගාරයෙන් නිදහස් වු පසුව තමන්ගේම කර්මාන්ත සිදු කරමින් කටයුතු කිරීම සදහා රැදවියන්ට අවස්ථාව ලබාදීම මෙමගින් සිදුවන බව විජයදාස රාජපක්ෂ මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිරේ ගිය අයට කර්මාන්ත පුහුණු කරන ගිවිසුමක්
ravin Tuesday, 13 February 2024 12:52 PM
අලුත් දෙයක්ද ?එතකොට බන්ධනාගාර මූලස්තානය ඇති වෙළඳ සැලේ විකුනන්නේ පිටින් ගත්තු භාණ්ඩද ?දන්නා තරමින් බන්ධනාගාරය තුල විවිද කර්මාන්ත පුහුණුව පෙර සිටම පැවතුනා .පින්තූරයකුත් දාගන්න එපෑය