IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හරි ගමනක් නොගියොත් වසර දහයකින් රට අගාධයට

(අංජුල මහික වීරරත්න)

පසුගිය සමයේ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින්  රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 

ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කරගත් පමණින් රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් හිමි නොවන බවත්, නිවැරදි තීන්දු තීරණ සමඟ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළයුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට නොගියහොත් තවත් වසර 10ක් යන තැන රට නැවත ආර්ථික අභියෝගයකට ලක්වීම නොවැළැක්විය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ 150වන සංවත්සර උත්සවයට අද (13) පෙරවරුවේ එක් වෙමිනි.
සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමට තාක්ෂණ ප්‍රවර්ධන සභාව ද, රටෙහි  ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඩිජිටල් පරිවර්තන කොමිසම ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් පැවසීය



අදහස් (18)

හරි ගමනක් නොගියොත් වසර දහයකින් රට අගාධයට

kusal Sunday, 13 August 2023 08:29 PM

ලක්ෂ්මි බායි ගෙන් අහගන්න.

:       3       10

AJITH Sunday, 13 August 2023 08:37 PM

රටේ පවතින ආර්ථික, සමාජීය ගැටළු, බලය බෙදීම, කෘෂි කර්මානත්ය, විදුලිය සහ තාක්ෂනය පිළිබද අදහස් ඉදිරිපත් කලත්, බලය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍යතාව හැර බලය ලබාගැනීමෙන් පසු ලබදෙනාවූ ජනතා ගැටළු සදහා විසදුම් ඉදිරිපත් කිරීමට විපක්ෂය අසමත් ව සිටි.

:       7       3

ලංකාපුත්‍ර Sunday, 13 August 2023 09:08 PM

හැම කෙනාම හිතන්නේ තම තමන් රජ වෙන්න පමණයි කවුරුත් හිතන්නේ නැහැ අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුං සිංහලයම නෑදෑයෝ කියලා ඒකට ඉතින් තියෙන මැතිවරණ ක්‍රමයත් හේතුවක් වෙනවා එහෙම නැතුව 1977 ට පෙර තිබුන ක්‍රමයට මැතිවරණ තිබුනා නම් ඔය ගැටලු අඩුවෙනවා ඒ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ ජාතික සංවර්ධන ප්‍රතිපත්ති මාලාවක් සර්ව පාක්ෂික සමුලුවකින් අනුමත කරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේ අගාධයට යාම නවත්වන්න පුළුවන් වේවි

:       0       5

අරුණ බණ්ඩාර හින්කෙන්ද Sunday, 13 August 2023 09:30 PM

වසර දහයකින් නෙමෙයි දැනටමත් වලපල්ලේ තමයි.

:       1       15

pakker Sunday, 13 August 2023 11:09 PM

පස්ස පැත්තෙන් හිනා යනවා මේවට... ඔයා කියනකොට අපි දැනගෙන හිටියේ නැහැ.

:       2       3

Sethuhami Sunday, 13 August 2023 11:23 PM

කමක් නැහැ. ඔයා දැන් වසර 50 කරලා ඔය නියම තැනට ඇවිල්ලා තියෙන්නේ... තවම හිඟාකනවා.

:       1       6

Perera Monday, 14 August 2023 12:02 AM

රාජපක්ෂලා මේ රටට කරපු විනාශය දැන් කාටවත් ප්‍රකෘති තත්වයට ගන්න බැහැ. එකම විකල්පය රට හැරයාමයි..

:       2       4

Bamunuarachchi Monday, 14 August 2023 04:42 AM

13 දීලාද හරි ගමන යන්න ලැහැස්ති වෙන්නේ? 13 දුන්නොත් එදා සිටම රට වල පල්ලට යනවා.

:       3       8

C.K.Lankaputhra Monday, 14 August 2023 07:18 AM

සෑර්! ඔය ගමන යන්න හිතාගෙන ඉන්නෙ රාජපක්ෂ හොර නඩය එක්කහු කරගෙනද්. එහෙම නං ඔබ තුමාටත් අපිටත් යන්න වෙන්න අවීචි මහ නරකයට. ඒකට නං අපි කොහෙත්ම ඔබතුමාට ඉඩ දෙන්නෙ නෑ ඕන්.

:       0       16

චන්දිම ෆොන්සේකා Monday, 14 August 2023 07:18 AM

කතාවනම් ඔහොම තමයි. කරනකොට නාස්තිය දුෂණය දිගටම. වහාම ඔය වැඩකට නැති බිලියන ගණන් වියදම් කරලා කරන රට පුරා ජනාධිපති මන්දිර හැදිල්ල නවත්වන්න. අන්න කන්කසන්තුරේත් එකක් හදනවලු.

:       1       11

චන්දන Monday, 14 August 2023 08:13 AM

තමුන් අවුඑුදු 50 විතර දේහපාලනේ කලා නේද. දැන්ද ඔ්ව මතක් වෙන්නෙ. වල පයයි ගොඩ පයයි තියාගෙන කාවද රවට්ටන්නේ. කරුණාකරල අලුත් පරම්පරාවකට බාර දීල ගෙදර යන්න.

:       5       13

Asela Monday, 14 August 2023 08:42 AM

එතකොට මෙයා කලින් යහපාලන කාලේ හරි ගමනක් ගියපු නිසා වෙන්න ඇති දැන් රට බංකොලොත් වෙලා තියෙන්නේ

:       4       11

ravin Monday, 14 August 2023 09:31 AM

ජනාදිපති තුමනි , පහුගිය දිනවල ප්‍රසිඩ්ද ජනමාද්‍යතුලින් දුටු එක ප්‍රවෘතියක් දෙස අවදානය යොමුකරන්න. එහි කොටස් කිපයක් පමනක් මෙහි ලියමි. පුද්ගලික තක්සේරුකරුවන් විසින් රුපියල් මිලියන 41 ක් නිර්දේශ කර තිබුණි. ආසියානු සංවර්ධන අරමුදලේ නිර්නායක අනුව වන්දි වශයෙන් රුපියල් මිලියන 9.6 ක් වශයෙන් ගණනය කර. මණ්ඩලය එකඟතාව පළ කර තිබුණේ රුපියල් මිලියන 1.69 ක වන්දි මුදලක්. කිසිදු වන්දි මුදලක් ගෙවීමකින් තොරවම ගැටලුව නිරාකරණය කරගෙන.

:       0       5

chandima Monday, 14 August 2023 11:32 AM

බයිලා ගහන්න නම් දෙයියා

:       3       4

Rata Perata Monday, 14 August 2023 12:16 PM

මේ වගේ කිසිම දැක්මක් නැති... කෙනෙක්ව උඩතියාගෙන ඉන්න අනිත් දේශපාලකයින්ගේ මොලය ගැන හිතාගන්න පුළුවන් නේද? රට වලපල්ලට යන්නේ මේ අය නිසා...

:       1       6

Bunny Preena Monday, 14 August 2023 12:31 PM

වැරදි පාරෙ යනගමන්, වැරදි දේවල් කර කර හරි පාරක් ගෙන කතා කරන එක ලොකුම ලොකු විහිලුවක්.

:       1       4

ගමේ එකාලා Monday, 14 August 2023 01:18 PM

බලයේ හිටපු දූෂිත දේශපාලුවන් දැනටමත් රට වළපල්ලටම ඇදලා දාලා තියෙන්නේ. නූපන් දරුවන් පවා ලෝකෙට ණයකාරයින් කරලා... ඒ මදිවට හිඟාකන තත්ත්වයකට පත්කරලා හමාරයි...

:       1       2

wedage Monday, 14 August 2023 02:06 PM

අර වැල් පාලමේ දරුවෙක් අරගෙන ගිහිල්ලා ඉවරද දැන්..?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 393 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site