(අංජුල මහික වීරරත්න)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම බිරියට සහ සහෝදරයාට කතා කොට තමාට පක්ෂයෙන් යන්න දෙන්න එපා යැයි කන්නලව් කළ හඬ පට විපක්ෂ නායකවරයා කැමති නම් එළියට දැමීමට සූදානම් බව සමගි ජන බලවේගයේ හිටපු උප සභාපති පී. හැරිසන් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
හැරිසන් යනු සමගි ජනබලවේගයේ සිටි ඉරට්ටක් යැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවේ දී කෙරුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හැරිසන් මහතා මේ බව සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා තම බිරියට සහ සහෝදරයාට කතා කළ හඬ පට එලියට දැම්මොත් තමා ඉරට්ටක්ද පොල් ගහක් ද කියා තේරුම් ගැනීමට හැකි වනු ඇතැයි හැරිසන් මහතා සඳහන් කළේය.
දවසක් හෝ සජිත් ප්‍රේමදාස මහතා සමඟ තමා කටයුතු කළ නිසා එතුමාගේ අවසරයක් නැතිව හඬ පට එලියට දාන්න සූදානම් නැතැයි ද සජිත් ප්‍රේමදාස මහතා අවසරය දෙනවා නම් අදාල හඬ පටය එළියට දැමීමට සූදානම් යැයි පී. හැරිසන් මහතා වැඩිදුරටත් කීය.
(ඡායාරූපය: අංජුල මහික වීරරත්න)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හැරිසන් හඬ පට එළියට දාන්න සැරසෙයි
Prabha Wednesday, 17 May 2023 05:15 PM
හොර හරක් නඩුව නැත්නම් තාම සජියගේ උකුලේ...
C.K.Lankaputhra Wednesday, 17 May 2023 06:01 PM
එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕකට තමයි. දේශපාලුවන් කියන්නේ බලය, වාසිය වෙනුවෙන් අම්මා, අප්පා වුණත් පාවාදෙන අසමජ්ජාතීන් කොටසක්...!
podi hadaya Wednesday, 17 May 2023 06:06 PM
යන අය හැමෝම යනකොට ඕවා තමයි කියන්නේ... ඒකෙන්ම තේරෙනවා මේ අය ගිය එකම හොඳයි කියලා....
පටූ දේශපාලන වෛරී කතා තුන්වන පංතියේ. Wednesday, 17 May 2023 07:15 PM
පටු දේශපාලන වෛරී කතා තුන්වන පංතියේ. පාවා දෙන්නන්ගේ සංගමේ කෙනෙක්...
සාර්කැස්ටික් Thursday, 18 May 2023 07:25 AM
තාරුණ්‍යයේ සිත් දූෂණය කරන නාකි දේශපාලන පුවත්.
Dayananda Thursday, 18 May 2023 10:04 AM
මන්ත්‍රී කමක්වත් නොදුන් අනුරපුරේ ජනතාව හරක් හොරකම් කරපු මේ මිනිහා අනිත් හරක් හොරා එම් ඇස් චන්ද්‍රසේන වගේ පට්ට අපතයෝ නැවත පාර්ලිමේන්තු යවන්නේ නැහැ... ඔයාලත් අර මෛත්‍රී වගේ කුබුරක් කොටාගෙන පාඩුවේ ඉන්න...
P.d goonawardena Thursday, 18 May 2023 01:22 PM
හැරී සන් කියන්නේ....හැරියන් පුතා කියන එකනේ....උගේ දෙමව්පියෝ අනාගතය දැකල දාල තියෙන නමක් ඒක...
sam Thursday, 18 May 2023 03:14 PM
හැරිස කියන්නෙ පට්ට හරක් හොරෙක්නෙ, ඕක මක බෑවිච්ච එක ඉතාමත්ම හොදයි.