IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


හර්ෂගේ ’’කපුටු’’කතාවට ඩයනාගෙන් ’’කපුටු’’උත්තරයක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයත් කර තිබෙන්නේ කපුටු කූඩුවේ බිත්තර දැමීම යැයි පත්කළ මන්ත්‍රිනී  ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

කපුටු කූඩුවේ බිත්තර දැමූ කතාවක් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පැවසූ බව කී ඩයනා ගමගේ මහත්මිය ඒ කතාව ඇසුණු විට තමාට හිනා ගිය බව ද සඳහන් කළාය.

සමගි ජන බලවේගය කර තිබෙන්නේ "මගේ කූඩුවට" පැමිණ බිත්තර දැමීම යැයි ද ඉතින් කපුටු කූඩුවේ බිත්තර දමන්නට එපා යැයි කියමින් ඔබ තුමාගේ නායකයාට පහර ගසන්නට එපා යැයිද ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුව අමතමින් ඊයේ ප්‍රකාශ කළේ "රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ" බවයි.



අදහස් (4)

හර්ෂගේ ’’කපුටු’’කතාවට ඩයනාගෙන් ’’කපුටු’’උත්තරයක්

podi hamine Thursday, 01 September 2022 03:52 PM

ඔබතුමියට කිසිම සදාචාර අයිතියක් නැහැ එ පක්ශෙට ලබිච්ච ජතික ලයිස්තු මත්‍රී දූරයෙන් පත් වෙල එම පක්ශයට විරුද්ධව වෙන කන්ඩායමක් එක්ක එකතුවිමට ඔයාගෙ හසිරිම ජනතාව වන අපි පිලිකුල් කරනව.

:       12       29

fairoos Thursday, 01 September 2022 04:33 PM

අනේ නිකන් පීචන් වෙන්නේ නැතිව ඉන්නවද? පුළුවන් නම් ඡන්දයක් දිනලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පෙන්වන්න.

:       0       3

randil Thursday, 01 September 2022 04:58 PM

මෙලෝ වැඩකට නැහැ. ලැජ්ජා නැති කම.

:       3       16

කුකුලා දාපු බිත්තරය Thursday, 01 September 2022 06:40 PM

ජනතාවගේ සමස්ත ඉතිරි කිරීම්වලින් සියයට 70ක් රාජපක්‍ෂලා හොරකම් කරලා කියලා කට ඇද කරලාම ඊයේ හර්ෂ කිව්වා ..! එතකොට හර්ෂ ඊයේද පාර්ලිමේන්තුවට ආවේ...? හර්ෂ පාර්ලිමේන්තුවේ දෙන කිසිම දෙයක් පාවිච්චි කරේම නැද්ද..? බැලුවාම හර්ෂත් සියයට 70 කොටස් කාරයෙකි..! බංගලිදේශ වියට්නාම රටවල්වල නායකයින් "කාලයේ-තාලයට" රටේ නැවුම් මඟ වෙනස් කරනකොට හර්ෂ වගේ අය කළේ දේශපාලන වාසිගන්න පිල් මාරු කළා.. බොරු කියවන කට මාරු කරන්න බැරි නිසා. අද බොරු දේශප්‍රේමී කතා කියනවා අරගලේ කරපු අය ගැන උද්දච්ච මානයෙන්..! කකුළුවා යන ගමන ගැන කුමන කතාද? කුකුලා දාපු බිත්තරය රකින්න හදනකොට..!!

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site