(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 4 ට අධික වටිනා හොරොයින් තොගයක් සහ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බව කියන් රුපියල් ලක්ෂ 17 ට අධික මුදලක් සමග සැකකාරිකාරියන් දෙදෙනකු සේදවත්ත සහ හේනමුල්ල යන ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ මහතා වෙත පුද්ගලයකු ලබා දුන් තොරතුරකට අනුව ඊයේ (17) සවස ඇගේ නිවස වටලා හොරොයින් හා මුදල් අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීම් සිදුකරන අවස්ථාවේ සැකකාරිය සතුව හොරොයින් ග්‍රෑම් 28 ට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර, නිලධාරීන් ඇගේ නිවස සෝදිසි කිරීමේ ඇය නිදන කොට්ටය තුළ සඟවා තිබු හොරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 15 ට ආසන්න මුදල් ප්‍රමාණයක් තිබු බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරිය වයස අවුරුදු (43) ක කාන්තාවක් බවත්, ඇයගෙන් ප්‍රශ්න කිරීමේ දී ඇයට මෙම හෙරොයින් ලබා දෙන කාන්තාව සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවත්, එම තොරතුරු මත එම සැකකාරිය හේනමුල්ල මහල් නිවාසයක දී අත්අඩංගුවට ගෙන ඇත.
හොරොයින් ජාවාරමෙන් උපයාගත් ලක්ෂ 2 ට අධික මුදලක් සමග එම සැකකාරිය ද අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
හොරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු නාකොටික් දැලේ