IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


හරියට කරන්න බැරිනම් දාල යන්න

(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුව කරන්නේ නම්  එය හරියට කළ යුතු බවත්  ජනතාවාදීව කටයුතු කළ නොහැකිනම්  ආණ්ඩුව අතහැර යා යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ජගත් කුමාර සුමිත්‍රාආරචිචි මහතා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් අද (3) දැනුම් දුන්නේය.

එසේම මන්ත්‍රීවරයා විසින්  එම ලිපියෙන් ජනාධිපතිවරයාට  යෝජනා පහක්ද  ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඔහු ඉදිරිපත් කරන එම යෝජනා පහ වන්නේ  ඖෂධ හිඟය වැළැක්වීම සඳහා සුවිශේෂ ප්‍රමුඛත්වයක් ලබාදී  ඖෂධ කඩිනමින්  ගෙන්වීමට අවශ්‍ය පියවර ගැනීම,  ඉන්දීය ණය ආධාර යටතේ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් ගෙන්වීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම පාලනය කිරීමට කටයුතු කිරීම සහ  අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආධාර මුදලක් කඩිනමින් ලබා දීම, කඩිනම් වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමයි.

ජනතාවගේ ආර්ථික ගැටලුවට විසඳුම් ලබාදීමට කඩිනමින් කටයුතු කළ යුතු බවත් රටේ පවතින තත්වය පිළිබඳව  ජනතාව ඇතුළු සියළු බලවේගවලට නිවැරදි තොරතුරු සන්නිවේදනය කළ යුතු බවත් මන්ත්‍රීවරයා  එම ලිපියෙන් දැනුම්දී  ඇත.

මේ මොහොතේදීවත් නිසි කලට නිවැරදි තීන්දු ගනිමින් හා ජනතාවගේ ප්‍රශ්න වලට වහා විසඳුම් ලබාදීමට  අවශ්‍ය  පියවර ගන්නැයිද   ඔහු ඉල්ලීමක් කළේ‍ය.

එසේම ආණ්ඩුවක් ලෙස කණ්ඩායමක් ලෙස සියලුම දෙනා එක්ව තබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද  ඔහු ජනාධිපතිවරයාට යෝජනා කර  ඇත.



අදහස් (10)

හරියට කරන්න බැරිනම් දාල යන්න

රටවැසියා Tuesday, 03 May 2022 07:01 PM

බැරිද ජගත් මහත්තයෝ අල්ලපු රටට අත දික්කරලා ණයක් ඉල්ලනවා වෙනුවට මැතිඇමැති දීමනා අවුරුද්දකට කප්පාදු කරලා ඒ මුදල ඖෂධ හිඟය වැළැක්වීමට යොදවන්න කියලා...? ඒ වගේම පාර්ලිමේන්තු සැසිවාරය මාසයකට එක්වරක් පමණක් තියන්න කියලා දිනකට යන වියදම වන රුපියල් කෝටිය ගානේ ඉතුරු කරලා ඒ මුදලත් ඖෂධ ගෙන්වන්න යොදවන්න කියලා ඔබ ඉදිරිපත් කරපු එම යෝජනාවලට එකතු කරන්න...!

:       0       3

MO77 Tuesday, 03 May 2022 07:46 PM

මෙයාට ඇමැතිකමක් හම්බවුණා නම් මොකුත් නෑ. ජනතාවාදය කියලා ඔක්කොම නිකන් දීලා රටක් කරන්න බෑ. සහන දිය යුත්තේ අවශ්‍යම පුද්ගලයින්ට පමණයි. ලෝකයේ මොන රටකවත් මේ වගේ නිකන් දෙන දෙයක් නෑ. මේවා නිකං කිව්වත් මහන්සි වෙලා වැඩ කරන ජනතාව තමයි මේවාට ගෙවන්නේ. දේශපාලනඥයන්ගේ සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ හොරකම සම්පූර්ණයෙන් වැළැක්විය යුතුයි.

:       0       1

Lalla Tuesday, 03 May 2022 08:58 PM

වගා සංග්‍රාමය අසූචි සහ මුත්‍ර දමලා වල්පැල තමයි වවන්න වෙන්නේ... බීජ වර්ග නෑ. පොහොර නෑ. කෘෂි රසායන ද්‍රව්‍ය නෑ.

:       0       4

Perera Wednesday, 04 May 2022 12:14 AM

ඔයත් ඔය ආණ්ඩුවේ කෙනෙක්... අපිට වේලක් ඇර වේලක් කන්න කිව්වේ. ඔයාටත් හරියට කරගන්න බැහැ. යන්න ගෙදර..

:       0       1

Nimal Wednesday, 04 May 2022 06:53 AM

මාර පොරක් කියන්නේ... ඔයගොල්ලෝ ඔක්කොම එපා කියලා කියන්නේ අපි..

:       0       8

suboda Wednesday, 04 May 2022 07:27 AM

ඩබල් ගේම් තමයි. එක එක වෙලාවට කතා වෙනස් කරනවා. මට හිතෙන්නේ ලොකු තනතුරකට හෝ ජනප්‍රිය වෙන්න දඟලනවා..

:       0       9

Bimba Wednesday, 04 May 2022 12:25 PM

මේ මොහොතේදීවත් නිසිකලට නිවැරැදි තීන්දු ගනිමින් හා ජනතාවගේ ප්‍රශ්න වලට වහා විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයිද ඔහු ඉල්ලීමක් කළේ‍ය. මෙන්න මේක හරියට නොකරපු එක තමයි මේ රජය මේ තත්වයට වැටෙන්න හේතුව. "අපි තමයි හොඳටම කෙරුවේ" කීවා. ඔය කෙරුවේ. උගතුන්ට ඇහුන්කන් දෙන්න තරම් නිහතමානී වුණේ නැහැ. මම තමයි වැඩකාරයා, මොලකාරයා කියලා හිතෙන හිතෙන දේවල් කෙරුවා. මෝඩයින් ටිකක් වැදගත් තනතුරු වලට දාගෙන රට කෑවා. අහෝ අපිට වෙච්චි දෙයක්... අපි කවදා ගොඩයමුද?

:       0       9

Hafeel Wednesday, 04 May 2022 12:44 PM

එහෙම යන්නේ නම් නැහැ. කොහොම හරි උත්සාහ කරලා යවන්න....

:       0       6

naleen Wednesday, 04 May 2022 01:40 PM

පුදුම රට, ජාතිය ගැන හැඟීමක්නේ දැන් මේ මිනිස්සුන්ට තියෙන්නේ... ඔක්කෝම අය හොරා කාලා කාලා දැන් 225ම දැන් බෝධිසත්වයින් ව‍ගේ කතාව...

:       1       4

de silva Wednesday, 04 May 2022 02:19 PM

ගෝඨාභය පමණක් නොව ඔක්කොම එළවන්න ඕනේ..

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 128 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 101 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 540 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 133 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 680 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 318 1

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1350 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1574 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 410 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site