IMG-LOGO

හොරෙන් ලංකාවට එන්න හැදූ ඉරාක පිය-පුතු පිටුවහල් කරයි

(ටී.කේ.ජී.කපිල )

යුරෝපයට පැන යාමේ අදහසින් කූඨ ලෙස  සකස් කළ ඩොමිනිකානු ජනරජයේ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ ඉරාක  ජාතික තරුණයෙකු සහ ඔහුගේ පියා අද (07) යළි පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ .

මොහු 18 හැවිරිදි ඉරාක ජාතික තරුණයෙකි . ඔහු  අද (07) අලුයම 01.10 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එහිදී ශ්‍රී ලංකාවට ඇතුළු වීම සදහා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත පිවිස ඩොමිනිකානු ජනරජයේ ගුවන් ගමන් බලපත්‍රයක් ඇතුළු අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර තිබේ .

ඒ පිළිබඳව ඇති වූ සැකය මත මෙම ලියකියවිලි කටුනායක ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත ඉදිරිපත් කිරීමට එහි සේවය කළ ප්‍රධාන  ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා  පියවර ගෙන තිබේ .

ඒ අනුව සිදු කළ විමර්ශන වලදී එම ගුවන් ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුව , ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කර ඇති බව අනාවරණය විය .

පසුව මෙම තරුණයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු සමග ඔහුගේ පියා ද පැමිණ සිටින බව ද පවසා සිටි හෙයින් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඩුබායි බලා පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන ආගමන විගමන නිලධාරී එස්.එල්.කළුබෝවිල මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරී පී.පී.ඩී.මුණසිංහ මහතා මේ සදහා අවශ්‍ය රාජකාරීමය කටයුතු සිදු කර තිබේ .

මේ ආකාරයටම පසුගිය සතිය තුළ ඉරාක ජාතිකයන් සිව් දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ යුරෝපය වෙත පළා යෑමට තැත් කිරීමේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .        

             

 



අදහස් (0)

හොරෙන් ලංකාවට එන්න හැදූ ඉරාක පිය-පුතු පිටුවහල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 707 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1118 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site