IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හොරෙන් දුම්වැටි ගෙනත් වසර හතරක් හිරගෙට

 

(නිමන්ති රණසිංහ)

ලීබඩු ආනයනය කරන මුවාවෙන් රුපියල් දස කෝටි පනස් ලක්ෂයක වටිනාකමකින් යුත් විදේශීය සිගරට් ලක්ෂ 420ක් මෙරටට ගෙන්වා දුම්කොළ බදු පනත ප්‍රකාරව වරදක් සිදුකර අධිකරණය හමුවේ වරදකරු වූ ව්‍යාපාරිකයන් දෙදෙනකුට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ඊයේ (14) නියම කළාය.

සිරදඩුවමට අමතරව චෝදනා දෙකක් සඳහා චූදිතයන් දෙදෙනාට රුපියල් 50,000ක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරිය එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක අමතර සිර දඩුවමක් ද නියම කළාය.

පළමු චෝදනාව සදහා වසර තුනක බරපතල සිර දඩුවම් මෙන්ම දෙවැනි චෝදනාව සදහා වසරක බරපතල සිරදඩුවම් වශයෙන් වසර හතරක් චූදිතයන් දෙදෙනාට නියම කළ අධිකරණය, එක් අයකුට දඩය වශයනේ නියම කළේ රුපියල් 25,000ක මුදලකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී ඩී. ඒ. එම්. ආර්. සාගර රණසිංහ මහතාය.

 



අදහස් (0)

හොරෙන් දුම්වැටි ගෙනත් වසර හතරක් හිරගෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site