IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හොරෙන් ගෙනගිය ගවයින් දමා සැකකරුවෝ පළා යති

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ සුමතිපාල දියගහගේ )


තිහගොඩ කපුදූව ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව සොරකම් කළ ගවයින් ප්‍රවාහනය කළ බව කියන ලොරි රථයකට අද (25) අලුයම වෙඩි තබා පසුපස ලුහු බැඳ ගොස් ලොරි රථය නවතා ගෙන ගවයින් 14 දෙනෙකු බේරා ගත් බව තිහගොඩ පොලීසිය පවසයි.


පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයේ ඉන්ධන ටැංකියට පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරය වැදී ඉන්ධන කාන්දු වීමට පටන් ගෙන තිබේ.


ඒ අනුව එම ලොරිය කිලෝ මීටර් දෙකක් පමණ ඉදිරියට ධාවනය වෙමින් තිබිය දී මාතර බණ්ඩත්තර වේල්ල ආසන්නයේ දී ඉන්ධන නොමැතිව නතර වී ඇත.


ඒ සමගම සැකකරුවන්ට ආරක්ෂාව සැපයීමට යොදා ගෙන තිබු මෝටර් රථයක් පැමිණ ලොරි රථයේ සිටි සැකකරුවන් දෙදෙනා නංවා ගෙන පලා ගොස් තිබෙන බව පොලීසිය කියයි.


එම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසිය දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ.


කෙසේ වෙතත් හොර හරක් ප්‍රවාහනය කරන ලද ලොරිය හා ඒ තුල සිටි මී ගවයින් 07 දෙනෙකුගේ හා එල ගවයින් 07 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට පොලීසිය සමත්ව ඇත.


නත්තල හා නව වසරේ උත්සව සමය වෙනුවෙන් මස් ලබා ගැනීම සදහා මී ඇල්ලේ සිට අලුත්ගම දර්ගා නගරය වෙත එම ගවයින් ප්‍රවාහනය කරමින් තිබු බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබේ.


කෙසේ වෙතත් පැන ගිය හොර හරක් ජාවාරම්කරුවන් දෙදෙනා කවුරුන්දැයි පොලීසිය දැනටමත් හදුනා ගෙන ඇත.
අත් අඩංගුවට ගත් ලොරි රථය නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් බවට තහවුරු කර ගෙන තිබේ.



අදහස් (0)

හොරෙන් ගෙනගිය ගවයින් දමා සැකකරුවෝ පළා යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site