
(යොහාන් භාසුර)
බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන පස් වසරක පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්ම "හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම 2025-2030" එළිදැක්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම සැලැස්මේ පුනර්ජනනීය බලශක්ති ක්‍රම හා ඩිජිටල් ක්‍රමෝපායන් හඳුනා ගැනීම, ඒවා කාර්යක්ෂම හා පරිසර හිතකාමී ලෙස භාවිතය, එම බලශක්ති ක්‍රම රටේ ආර්ථික ශක්තිය ඉහළ නංවාගන්නා ආකාරය පිළිබඳව කරුණු ඇතුළත් වේ.
අනාගතේ අපේ රට තුළ ශක්ති පරිවර්තනයක් සිදු කර ශ්‍රී ලංකාව තිරසර බලශක්ති භාවිතය වෙත රැගෙන යන්න මූලිකත්වය ගෙන කටයුතු කරන්න ලංකා විදුලි බලමණ්ඩලයත්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්තිය අධිකාරියත් දායක වු බවත්
බලශක්තිය අමාත්‍යාංශය වසර පහක් සඳහා වටිනා ක්‍රියාකාරී සැලැස්ම "හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම 2025-2030" ඉදිරිපත් කිරීම ගැන සතුටට පත්වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි , නියෝජ්‍ය අමාත්‍යවරු වන එරංග වීරරත්න, ජනිත් රුවන් කොඩිතුවක්කු බලශක්තිය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල , විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
2025 නොවැම්බර් මස 04
815
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1771
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම එළිදැක්වේ
nipuna Friday, 28 February 2025 01:31 PM
හරිත බලශක්තිය ගැන උත්සව තිබුණට වැඩක් නෑ, අඩුගානෙ විදුලි වාහන, විදුලි යතුරුපැදි වෙනුවෙන් පොඩියට හරි බදු සහන දෙන්න තිබුණා.