(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රජයට විරෝධය පළ කරමින් මාතර නගරයේ ද කලු කොඩි ඔසවා කඩ සාප්පු වසා දමමින් ජනතාව අද දින හර්තාලයේ නිරත වූහ.
මේ නිසා සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාලව පැවතිණි.
මාතර දිස්ත්‍රික්කය තුල පෞද්ගලික බස් රථ සියල්ලම වැඩ වර්ජනය කර තිබු අතර ලංගම බස් රථ කිහිපයක් පමණක් ධාවනයේ නිරත වන අයුරු දැක ගත හැකි විය.
අධිවේගී මාර්ගයේ ද පෞද්ගලික බස් රථ ධාවනය නොවු අතර පැය කිහිපයකට පසු ලංගම බසයක් පැමිණෙන අයුරු දැක ගන්නට ලැබුණි.එහෙත් එම බසයට ද අවශ්‍ය මගීන් නොසිටියේය.
මාතර යටියන ප්‍රධාන මාර්ගය අවහිර කොට පිරිසක් ටයර් දමා පාර මැද පුලුස්සා තිබුණේය.
මාතර නගරයේ පාසල් වලට දරුවන් හා ගුරුවරුන් බොහෝමයක් නොපැමීණි එම පාසල් පාලුවට ගොස් තිබුණේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හර්තාලයෙන් මාතරත් උණුසුම් වෙයි