IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොරණ ආපන ශාලාවකදී තරුණියක් පැහැරගෙන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

හොරණ ආපනශාලාවක දි රූමත් තරුණියක පැහැරගත්  ජ්‍යෝතීෂවේදියෙකු  ඇතුළු තිදෙනෙකු පැය දෙකයි විනාඩි 35ක් වැනි ඉතා සුළු කාලයක් තුළදී අත්අඩංගුවට  ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර   තරුණිය සමඟ ප්‍රේම සබඳතාවයක් පැවැත්වූ  බව කියන පුද්ගලයා සහ ඔහුගේ  සහෝදරයා මෙන්ම නැන්දනිය වන බව පොලිසිය කියයි

තරුණිය පැහැරගැනීමට යොදාගත් කුලි මෝටර් රථය ද පොලිසිය බාරයට ගෙන ඇත

සිසිල් බීම බෝතලයක් පානය කරමින් සිටී  රූමත් තරුණියක  මෝටර් රථයකින් පැමිණි තිදෙනකු විසින් පැහැරගෙන ගිය බවට  119 පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා හොරණ මූලස්ථාන  පොලිසියේ  ස්ථානාධිපති ප්රිධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාට ලද තොරතුරකට අනුව  වහා ක්රි යාත්මක වූ ඒ මහතා එම හෝටලය වෙත පැමිණ  සිදුකළ මූලික විමර්ශනවල දී මෝටර් රථය ඉංගිරිය දෙසට පලා ගිය බවට අනාවරණය වී තිබිණි

අනතුරුව එම තරුණිය රැඳී සිටී මේසය මත එම තරුණිය රැගෙන ආ අත්බෑගය , ජංගම දුරකථනය තිබී පොලිසිය මගින් සොයා ගැනීණ.

       එහි තිබූ අත් බෑගය පරික්ෂා කිරීමේ දී ඒ තුළ තිබූ විදේශ ගමන් බලපත්ර්යේ සඳහන් ලිපිනය ඔස්සේ ඇය බණ්ඩාරගම කොතලාවල ප්රෑදේශයේ තරුණියක් බවට හඳුනාගත් ස්ථානාධිපතිවරයා එම ලිපිනය ඔස්සේ ඇයගේ නිවස සොයා ගොස් ඇය පිළිබඳ තොරතුරු මවගෙන්  විමසු  බව පොලිසිය කියයි.

      සිය දියණිය  වසර 17 ක් තිස්සේ බණ්ඩාරගම ප්ර්දේශයේ ම තරුණයකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා  මීට මාස කීපයකට ඉහත දී එය නවතා දැමූ බවත් ඉන් අනතුරුව එම පුද්ගලයා ගෙන් බලපෑම් එල්ල වීමට වූයෙන්  ඇයව බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රෙද්ශයේ ඥාති නිවසක සුරක්ෂිතව   නවාතැන් ලබා දීමට කටයුතු කළ බවත් පවසා තිබිණි
 තරුණියගේ මව ගේ ප්රේකාශ අනුව තරුණිය හා පෙම් සබඳතාවය පැවැත්වූ පුද්ගලයාගේ නිවස සොයා ගිය පොලිසියට එම නිවස වසා තිබෙන අයුරු දක්නට ලැබී ඇත.

 තරුණිය පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථය බණ්ඩාරගම අඟුරුවාතොට මාර්ගයේ ලෙනවර උයන ප්රමදේශයේ නිවසක තිබෙන බවට ලද තොරතුරක් අනුව පොලිසිය එම නිවස වටලා සිදුකළ සිදු කළ පරික්ෂාවේදී  පැහැර ගැනීමට ලක් වූ තරුණිය සහ පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනා සහ කාන්තාව පොලිස් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

           පැහැර ගත් තරුණිය සැකකරු රඳවාගෙන තබාගෙන ඇත්තේ ද ඥාති නිවසක බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි

සැකකරුවන් සහ සැකකාරිය හොරණ මහේස්ත්රාවත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ හොරණ සහකාර පොලිස් අධිකාරී උදය  කුමාර  මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන ප්රිධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල  මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අභයසිරි  පොලිස් සැරයන් 30787,  නෙළුම් බණ්ඩාර 35477 ලලිත්  පොලිස් කොස්තාපල්වරුන් වන 69128 ප්‍රභාත් 15447 ප්‍රියන්ත  කාන්තා පොලිස් කොස්තාපල් 9208 ඉෂාන්ති මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.



අදහස් (3)

හොරණ ආපන ශාලාවකදී තරුණියක් පැහැරගෙන

ලසන්ත Friday, 20 October 2023 06:32 AM

අම්මා කියන්නේ අවුරුදු 17 ක ප්‍රේම සම්බන්ධයක් තිබුණා කියලා... එහෙනම් මේකට හේතුවක් ඇති දෙමාපියන් විරුද්ධව හිටියත් කෙල්ල අකැමැති නැහැ. කොල්ලට කියලා ප්ලෑන් කරලා මේක වෙන්න ඇති...

:       1       4

pakeer Friday, 20 October 2023 09:21 AM

මේක කරපු එක්කෙනෙක්... අයියෝ සල්ලි...!!!

:       0       3

චන්දන Friday, 20 October 2023 10:22 AM

ජෝතීර්වේදීන් කේන්දර බලලා අනාවැකි කියන්නේ ඕං ඔය විදියට...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site