
(මනෝප්‍රිය ගුණසේකර)
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කල තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලදැයි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (19) තීරණය කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.
2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතු`ථ චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
සිද්ධිය වී මාස හතක් වැනි කාලයක් තුළ චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්කිකරුවන් දස දෙනෙකු මෙන්ම ලේඛණ කිහිපයක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් ආරක්‍ෂකයින් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 1,65,000/-ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයාට රුපියල් 2,85,000/- වන්දියක් ගෙවීමටද ඔවුන්ට නියම කෙරිණි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගෙන තිබු අතර මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.
දීර්ඝ නඩු විභභාගයකින් අනතුරුව පැමිණිල්ලේ හා විත්තියේ සාක්කි විමසා අවසන් වීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කළ විනිසුරුවරයා නඩුව ලබන 28 වැනිදා කැඳවීමට නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිරුණිකාට එරෙහි නඩුවකට දින දෙයි
shantha Wednesday, 19 June 2024 06:04 PM
ජරා වැඩ කරලා, කොල්ලාව උස්සලා ඒ මදිවට නඩුත් අහලාලු. කටට බ්‍රේක් නැති මෙයාගේ අසූචි කටට ඉබ්බෙක් දාලා අවුරුදු 15 කට විතර කූඩුවට දාන්න යනවා කියලයි ආරංචි. ඕකට තමයි දැඟලුවේ...
SUNIL MILANO Wednesday, 19 June 2024 06:55 PM
මෙයා අඩුම තරමේ අවුරුදු 10 ක් වත් හිරේට දාන්න ඕනෑ. මට නම් පේන්න බැහැ මෙයාව. ඒ තරමට හිරිකිතයි...
Shashika519 Wednesday, 19 June 2024 07:28 PM
අත්හිටවූ හිර දඩුවම් දීලා ලක්ෂ 2 දඩයක් ගහයි. තව ලක්ෂ 2ක් වන්දි ගෙවන්න කියයි. ලංකාවනේ
Prabha Wednesday, 19 June 2024 10:30 PM
දැන් තියෙන්නේ රනිල් හාමුගේ අත ගන්න එකයි
සෙනෙවිරත්න Thursday, 20 June 2024 08:53 AM
ජාතියේ කිරිමව, මගෙ අම්මේ මෙයා තමයි ඒන් පී පියට උගන්වන්න හදන්නෙ. මේ තමයි බලය ආවම මෙයාලගෙ ක්‍රමය, සජිත් මේවට ඉඩදෙනව හැර වෙන කුමක් කරන්නද, උදව් කලානේ.
සෙනෙවිරත්න Thursday, 20 June 2024 08:55 AM
දැන් අර මෙයාගෙ සතුරු චැනල් එකේ අය සජිත්ට උදව් කරන නිසා සජිත්ට වෙනව මෙයාගෙන් ඈත් වෙන්න. ඒක නිසා ඔන්න සජිත් හොඳ වෙලාව මෙයාගෙන් ගැලවෙන්න. කියමු චොදනා තියෙන අය මාලඟ ඉන්න බැහැ කියල.