
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
හොරගොල්ල වලව්ව ඉඩමට අනවසරයෙන් ඇතුළුවූ අයෙකුට වෙඩි වැදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා එම ඉඩමේ මුරකරුවන් දෙදෙනෙකු හා ගිනි අවියක් අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
අනවසරයෙන් ඇතුළුවූ පුද්ගලයෙකුට ඊයේ (12) එම හොරගොල්ල ඉඩමේදී සිදුවූූ වෙඩි තැබීමකින් තුවාල ලබා ඔහු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව නිට්ටඹුව පොලිසිය කියයි .
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ හොරගොල්ල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු වේ.
යම් හොරකමක් සිදු කිරීම සඳහා වෙඩි වැදුණු පුද්ගලයා මෙම ඉඩමට ඇතුළු වී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වේ.
බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීම සිදු කිරීම සම්බන්ධව ඉඩමේ මුරකරුවන් දෙදෙනෙකු නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරගොල්ලේ වෙඩි තැබීමට දෙන්නෙක් අල්ලයි