
(මනෝප්‍රිය ගුණසේකර)
පොලිස් විශේෂ කාර්්‍ය බළකා නිලධාරීන්ට සහ රහස් පොලිස් නිලධාරීන්ට පහරදී කුමන්ත්‍රණකාරීව පළා යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට සහ හිටපු පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඔවුන් දෙදෙනා අප්‍රේල් 26 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමටද අද (11) නියම කළේය.
හරක් කටා නමැත්තා ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්‍ෂණය යටතේ තංගල්ල පැරණි බන්ධනාගාරු ස්ථානාධිපතිවරයා භාරයේ එම බන්ධනාගාරු සංකීර්ණයේ විශේෂ ආරක්‍ෂාව යටතේ රඳවා තැබීමටද විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
හරක් කටා නමැත්තාට බන්ධනාගාරයෙන් පැන යෑමට උදව් කර මේ වන විට අතුරුදන්ව ඇතැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු වු රවිදු සංදීප නමැත්තා අත්අඩංගුවට ගැනීමට නියම කළ විනිසුරුවරයා නඩුවේ තුන්වන විත්තිකාර හිටපු පොලිස් නිලධාරියකු බව කියන දිනේශ් සුරංග නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරක් කටා රිමාන්ඩ්
Bandara Monday, 11 March 2024 10:04 PM
අනවශ්‍ය ප්‍රභූත්වයක් දෙනවා...