IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ පැටිකිරිය පෙනෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හරක් කටාගේ ටෙලිෆෝන්  පරීක්ෂා කළොත් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි මට්ටම දැනගන්න පුළුවන් බව සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේ දී  පැවසුවාය.

"මාකදුරේ මදුෂ්, නැත්තං හරක් කටාගෙ ටෙලිෆෝන්  අරගෙන පරික්ෂා කරන්න කියන්නකො.කාගෙ නොම්බරද  මේවායෙ තියෙන්නෙ කියලා බලන්න" යනුවෙන්ද අතුකෝරල මහත්මිය කීවාය.

කෙලින් වැඩක් කරන්න පුළුවන්  මිනිස්සුන්ට ශ්‍රී ලංකා පොලිසියේ තැනක් නැතැයි කී අතුකෝරල මහත්මිය පාතාලයේ අභියෝග වලට මුහුණ දෙන්න පොලිසියේ නිලධාරීන්ට සිදු වී තිබෙන බව සඳහන් කළාය.

යහපාලන රජයේ සමයේ දී නම් ඇල්ලු මත්ද්‍රව්‍ය විනාශ කළ බව කී මන්ත්‍රීවරිය දැන් වන්නේ කුමක්දැයි නොදන්නා බවද පොලීසියේ උසස් නිලධාරීන් මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගෙවීම්  ලැයිස්තු වල ඉන්නා බවද කීවාය.

පොලිස් ඇමැති තුමා සමඟ  ප්‍රශ්නයක් නැතැයි ද එතුමා උත්සාහයක් ගන්නා බව පෙනෙන්නට ඇතැයි ද තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.

 

 



අදහස් (4)

හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ පැටිකිරිය පෙනෙයි

DM Thursday, 23 November 2023 04:22 PM

ටිකක් පරිස්සමෙන්. පොලිසියේ විතරක් නෙවෙයි දේශපාලඥයින්ගේ දුරකථනත් පරීක්ෂා කළොත් ඔබතුමියගේ පක්ෂයේත් ඇතුළුව හැම දෙනාගේම මට්ටම දැනගන්න පුළුවන්...! 

:       1       18

සතුටින් Tuesday, 28 November 2023 09:20 AM

අපොයි එහෙම කරන්න හොඳ නෑ මොකද. අර දස සිල් සමාදන් වෙලා ඉන්න ජෙප්පෝ උනත් අහු වෙන්න පුළුවන් එහෙම උනොත් පව් නේද

:       0       0

රංබොඩ Thursday, 23 November 2023 04:31 PM

අම්මෝ එහෙම චෙක් කරන්න නම් එපා. පාර්ලිමේන්තුවේ ඉන්න සම්භාවනීය මැති ඇමැති ගොල්ලන්ගේ අංකත් අහුවෙයි නොවැ...!

:       0       14

Roshan Thursday, 23 November 2023 07:24 PM

සේරගෙම පැටිකිරිය මුලු රටම දන්නවා.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

විනිමය ආඥා පනතේ සංශෝධනයට කැබිනට් අනුමැතිය
2025 මැයි මස 08 314 0

විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
2025 මැයි මස 08 1508 0

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක


වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 1464 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස



වසරේ පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට
2025 මැයි මස 08 173 0

රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.


ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
2025 මැයි මස 08 362 0

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1171 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 293 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1332 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site