(රොමේෂ් මධුෂංක සහ සිතුම් චතුරංග)
වව්නියාව හොරොව්පතාන මාර්ගයේ කෝවිල්කුලම් ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ඩිෆෙන්ඩර් රථයක් අයාලේ යන ගවයකුගේ ගැටි සිදු වූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් දෙදෙනකු මියගොස් තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වවුනියාව පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ කුරුණෑගල කුඹුක්වැව පදිංචි පොලිස් කොස්තාපල් (27287) හේරත් මුදියංසේලාගේ හසිත දිනේෂ් මධුසංඛ සහ මැදවච්චිය දුම්රිය නගරය පදිංචි පොලිස් කොස්තාපල් (38778) යාපාමුදියන්සේලාගේ සුපුන් ප්‍රදීපන නැමති වවුනියාව , මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ විශේෂ කාර්ය බලකා සෙබලුන් දෙදෙනෙකි.
වව්නියාව මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් මෙම ඩිපෙන්ඩර් රථය මඩුකන්ද සිට වව්නියාව දෙසට ගමන් කරමින් සිටියදී කෝවිල්කුලම් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබේ.
ගවයාගේ ගැටුණු ඩිපෙන්ඩර් රථය මාර්ගය අසල තාප්පයක්ද කඩාගෙන රථය පෙරලී ගොස් ඇති බව පොලීසිය පවසයි.
අයිතිකරුවන් ගාල් නොකිරීම හේතුවෙන් මෙම මාර්ගයේ මීට පෙරද අවස්ථා කීපයකදී සිදු වූ අනතුරු හේතුවෙන් මරණ සහ තුවාල සිදුවීම් ගණනක් වුවද ගවයින් පාලනය කිරීමට බලධාරීන් හෝ ගව අයිතිකරුවන් කිසිදු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත
පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ
සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා
ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 4ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හරකා එස්.ටි.එෆ් සෙබළුන් දෙදෙනාට මරු කැඳවයි
Sisira Kumara Tuesday, 10 October 2023 08:40 AM
හැප්පුන ගවයාට මොකද උනේ
පිටිගල මිලානෝ Tuesday, 10 October 2023 09:22 AM
හරකා නොව වේගයයි ඔවුන්ට සහ සමහරවිට හරකාටත් මරු කැදවා ඇත්තේ. වේගයෙන් ගමන් කරන හමුදා සහ පොලිස් වාහන සමාජයට කරදරයකි.
NimalTuesday, 10 October 2023 09:59 AM
යුද්දෙ කාලෙ නම් එහෙම කිව්වෙ නෑ නේද? දැන් වුනත් බොම්බයක් කොහෙ හරි තියෙනව කිව්වොත්, ඉබ්බො වගෙ යන්න කියලද කියන්නෙ??
කඵණසිරි ගජසිංහTuesday, 10 October 2023 10:35 AM
මන්නෙන් කපලා මරන්න හදනවා, ගෙවල් දොරල් කඩලා දාලා ගිනි තියන්නත් හදනවා කියලා පොලිසියට Call කරලා කිව්වහම, 1.1.9. ට කිව්වහමත් පැයට කි.මී. 20ට වැඩියෙන් යන්ට එපෝ....... හිමීට යන්ටෝ....... හය්යෙන් යන එක නමැති කරදරය මින් ඉදිරියට මුන්ට කරන්ට එපෝ........
Galkotuwe Gedara Suneth Hemantha KumaraTuesday, 10 October 2023 02:58 PM
මනුස්සයෙක් පාරේ හිටියත් ඔය ටිකම තමා. කපන කොටන අය බේරන්න ඉස්සරවෙලා තමනුයි, අනිත් අයයි බේරිලා ඉන්න ඕනෑ...!
කිරිපුතා Tuesday, 10 October 2023 09:26 AM
මිනිසුන් නිකම්ම නිවැරදි දේ කරන්න තරම් සත්පුරුෂ නෑ. ඒකට රටේ ක්‍රියාකාරී නීතියක් තියෙන්න ඕන. රටම අයාලේ යන්නේ එහෙම නීති නැති නිසා.එස්. ටී.එෆ් .සෙබලු දෙන්නෙක් කියන්නෙ කොයි තරම් වටිනා සම්පත් දෙකක්ද රටට ?
සෙනෙවිරත්න Tuesday, 10 October 2023 03:22 PM
හතළිහට ගියාම ඔහොම වෙනවා... මේ ගිහිල්ලා තියෙන්නේ කපලා කොටලා මරණ තැනකට බෝම්බ හොයන්න. පාරේ ගවයෝ යන්නේ ඔය පාරේ විතරක් නෙවෙයි. ඒ වගේම ඔය පාරේ යන්නේ එස්.ටී.එෆ් වාහන විතරක්ම නොවෙයි...
PALITHA Tuesday, 10 October 2023 04:28 PM
ගිහින් තියෙන්නේ හරි හෙමින්නේ, ඔයිට වඩා ටිකක් හයියෙන් ගියා නම් ඔහොම වෙන්නේ නැහැ. හමුදාවේ නෙවෙයි මොන මගුලේ වුණත් වාහනයක් අතට අරන් පාරට බැස්සාම විනයක්, හික්මීමක් තියෙන්න ඕනේ. හික් නැතුව මීමෙක් වාහනේ අතට ගත්තාම මෙහෙම වෙනවා...