IMG-LOGO

හරක්කටාට උදව් කළ පී.සි. පැන ගිය මොටර් රථය අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමේ සැලසුම් අසාර්ථක වූ අවස්ථාවේදී එයින් පලා ගිය කොස්තාපල්වරයා සුඛෝපභෝගී මෝටර් රථයකිනින් රැගෙන ගිය බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් සමග ස කොස්තාපල්වරයා රැගෙන ගිය බව කියන සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා විදේශගතව සිටින මිදිගම රුවන් නමැත්තා ගේ ගෝලයන් දෙදෙනකු බව පොලිසිය කියයි.

ඉකුත් 10 වැනිදින හරක් කටා නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ නිලධාරීන් ප්‍රශ්න කිරීම සඳහා සූදානම් වු අවස්ථාවේදී පලා ගිය සැකකාර කොස්තාපල්වරයා ඔවුන්ට මත් මිශ්‍ර කිරි ටොෆි සහ තේ ලබාදී නින්ද යාමෙන් අනතුරුව උපක්‍රමශීලීව හරක් කටාව වැසිකිළියට රැගෙන ගොස් ඔහුගේ අත් මංචු බුරුල් කර තිබිණි. අනතුරුව හරක් කටා නැමැත්තා විශේෂ කාර‍ය් බළකාය සෙබළකුගේ ගිනි අවිය උදුරාගෙන පළා යාමට උත්සාහ කිරීමේ දී දැඩි පරිශ්‍රමයක් දරා සෙසු නිලධාරීන් ගෙන් සහයෙන් එය වළක්වා තිබිණි.

 



අදහස් (8)

හරක්කටාට උදව් කළ පී.සි. පැන ගිය මොටර් රථය අල්ලයි

Sunil Saturday, 23 September 2023 12:59 AM

ලොකු දෙයක් නේද? ගුවන්තොටුපලේ විශේෂයෙන් යෙදූ ආරක්ෂිත වැඩපිළිවෙල අයින් කළේ අද හෙට තව එකෙක් දෙන්නෙක් මෙහෙන් යන්න එන්න ඇති. තව ටිකදවසකින් ආපහු පරීක්ෂණයක් කරලා ආරක්ෂිත වැඩපිළිවෙල යොදයි නේද?

:       3       7

chandima Saturday, 23 September 2023 02:54 AM

හරක් කටා ඇල්ලුවට බැංකු හොරා අල්ලන්න බැරිවුණානේ නේද?

:       2       7

Buddika Saturday, 23 September 2023 04:27 AM

මේ කාර් එක සුඛෝපභෝගී එකක්ද?

:       1       17

යෝගා Saturday, 23 September 2023 07:24 AM

මේක සුඛෝපභෝගි වාහනයක්ද?

:       1       15

නිමල් Saturday, 23 September 2023 10:22 AM

මේ අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වැසීම පන්නයේ වැඩක්... සීඅයිඩියට පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයටම බඳවාගැනීමේදී පසුබිම් තොරතුරු විපරම් නොකිරීමේ විපාක...

:       1       22

Asanga Saturday, 23 September 2023 03:51 PM

කාර් එක ඇතුලේ පී සී හිටියේ නැතෙයි...!

:       0       7

Sampath Saturday, 23 September 2023 08:23 PM

මේ කාර් එක අල්ලපු එකට වුණත් ප්‍රමෝෂන් එකක් දුන්නාට කමක් නෑ. අත්අඩංගුවේ ඉන්න සැකකරුවෙක් ආරක්ෂා කරගන්නවත් බැරිනම් අනෙක් ඒවා ගැන කවර කතාද? රජයේ බදුමුදල් වලින් යැපෙන නිලධාරීන් මීට වඩා දහස් ගුණයක් කැපවී වැඩ කළ යුතුයි. නැතිනම් සේවයෙන් ඉවත්ව යා යුතුයි.

:       0       2

සමීර Sunday, 24 September 2023 07:41 AM

සහරාන්ගේ වාහනේට වෙච්චි දේ වෙයිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site