කොරෝනා වයිරසය හේතුවෙන් උද්ගතවී ඇති හදිසි අවස්ථාව හමුවේ හයිටි රාජ්‍යයේ ප්‍රධාන රෝහලක අධ්‍යක්ෂවරයෙකු පැහැර ගැනීමට ලක්වී තිබේ.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ, ශල්‍ය වෛද්‍යවරයෙකු වන ජෙරි බිටර් මහතාවය.
ඔහු සිය නිවසේ සිට සේවය සඳහා පිටත්ව පැමිණීමෙන් සුළු වේලාවකට පසු මෙසේ පැහැර ගෙන ගොස් ඇතැයි රෝහල් සේවකයෙක් පැවසීය.
මෙම පැහැරගැනීමට විරෝධය පාමින් රෝහල් කාර්ය මණ්ඩලය අලුතින් රෝගීන් රෝහලට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප ඇත.
හයිටි රාජ්‍යයේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුද හේතුවෙන් එරට සිදුවන පැහැරගැනීම් මෙම වසරේ ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.
ලෝක බැංකුව පවසන පරිදි හයිටි රාජ්‍යය බටහිර අර්ධ ගෝලයේ පිහිටි ඉතාම දිළිඳු රාජ්‍යකි.
ජනවාරි මාසයේ පමණක් එරට සිදුවී පැහැරගැනීම් 15 ක් සිදුවූ බව පොලිසිය පවසයි.
පැහැර ගැනීමට ලක්වූවන් අතර පාසල් ළමයි, නීතිවේදීහු, ව්‍යාපාරිකයෝ සහ විදෙස් සහන සේවා කටයුතුවල නිරත සේවකයෝ ද වෙති.
(රොයිටර් ඇසුරෙනි)
-226-
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හයිටි රාජ්‍යයේ ප්‍රධාන රෝහලක අධ්‍යක්ෂකවරයෙකු පැහැර ගැනේ
Asanka Saturday, 28 March 2020 08:59 AM
කොහොම තිබුණු රටක්ද මේ විනාශ වුනේ.