IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


හේමාස් සූර්ය බලශක්ති භාවිතය පුළුල් කරයි

හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී සිය 2030 පාරිසරික න්‍යාය පත්‍රයේ කොටසක් වශයෙන්, පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ.

එහි කොටසක් වශයෙන්, හේමාස් සමූහයේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන ස්ථාන රැසක, වහලය මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති සවිකිරීමට මේ වනවිට පියවර ගෙන ඇත. Fentons Ltd හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar මගින් මෙය සිදුකරනු ලැබේ. 

මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වීමෙන් අනතුරුව සමූහයේ විදුලි පරිභෝජනය සියයට 25 කින් අඩු වනු ඇති අතර, එහි මෙහෙයුම් කටයුතු මගින් පරිසරයට ඇතිවන බලපෑම ද තවදුරටත් අවම වනු ඇත.

මේ ආකාරයට විකල්ප බලශක්තිය භාවිතයට ගැනීම මගින් සිය කාබන් පිය සටහන අවම කිරීමට සහ ඕසෝන් ක්ෂය වීම අවම කිරීමට දායක වීමට මෙන්ම, අනාගතයේ මතුවිය හැකි පොසිල ඉන්ධන හිඟයට සාර්ථක ලෙස මුහුණ දීමට ද හේමාස් සමූහයට හැකියාව ලැබෙනු ඇත.  

මෙම විකල්ප බලශක්ති භාවිතය අනෙකුත් සමාගම් වලට ද ආදර්ශයක් වනු ඇතැයි හේමාස් සමූහය විශ්වාසය පළ කරයි. එමගින් තිරසාර ව්‍යාපාර ක්‍රමවේදයන් බහුලව භාවිතයට පැමිණ, ශ්‍රී ලංකාවේ පරිසරයට සුවිශාල යහපතක් සිදුවනු ඇත.

සිය පාරිසරික න්‍යාය පත්‍රය යටතේ විවිධ හවුල්කාරීත්වයන් ඇතිකර ගනිමින්, දැනුවත් කිරීම් හා මගපෙන්වීම් සිදුකිරීමටත්, වගකීම් සහගත ලෙස ස්වාභාවික බලශක්තිය භාවිතය ප්‍රවර්ධනය කිරීමටත්, ව්‍යාපාරික කටයුතු මගින් සිදුවන බලපෑම් අවම කිරීමටත්, පරිසරයට හානි කරන ප්ලාස්ටික් භාවිතය අවම කිරීමටත් හේමාස් සමූහය බලාපොරොත්තු වෙයි.

595



අදහස් (1)

හේමාස් සූර්ය බලශක්ති භාවිතය පුළුල් කරයි

H.A.W, jagathchandra Sunday, 30 April 2023 04:50 PM

මිලදී ගන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 344 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site