IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හම්බන්තොට සුදු අලින්ගෙන් වැඩ ගන්න සැරසෙයි

(අංජුල මහික වීරරත්න)

හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම වැඩ පිළිවෙල නැගෙනහිර චීනයේ චොංකිං වරාය දක්වා සහ අප්‍රිකාව දක්වා තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා හම්බන්තොට මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක්  බවට පත් කිරීමේ හැකියාවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි   බස්නාහිර, නැගෙනහිර සහ හම්බන්තොට නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීම වැදගත්කම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.



අදහස් (6)

හම්බන්තොට සුදු අලින්ගෙන් වැඩ ගන්න සැරසෙයි

Kamal Koyrala Monday, 26 February 2024 03:51 PM

හම්බන්තොට සුදු අලින්ගෙන් වැඩ ගන්න සැරසෙයි 99 අවුරුද්දට බදු දීලා සොච්චම් චෙක් පතක් ෆොටෝ ගහලා පෙන්නමු මෙයා දැන් චීනයට ආදායම් මාර්ගයක් හදලා දෙන්නයි යන්නේ

:       10       18

Chandima Monday, 26 February 2024 03:53 PM

හැමදාම සැලසුම් හදනවා. නැතිනම් කමිටු දානවා. කරන දෙයක් නෑ...

:       5       23

දයාසේන අඹගහහේන Monday, 26 February 2024 04:27 PM

වැඩේනම් නරක නැහැ ඒත් ඒක කරන්නෙ කරුණු දෙකකට කියලා හිතෙනවා එකක් අහවලා සමාදානයේ සැතපෙන්න ඉස්සර වෙලා හතර වටෙන්ම ඔහුට වැදුණු අසූචි සෝදා ශුද්ධ පවිත්‍ර කිරීම ඊළඟට ඔටුන්න හිමි කුමාරයාට රජකම ලබන්න පහසුකම් හැදීමට එක්ක තමයි එහෙම කරනවා ඇත්තෙ.එහෙම නැත්නම් ඉතින් ජනාධිපති තනතුර දුන්නට කොහොම සලකන්නද

:       3       17

ගිම්හාන Monday, 26 February 2024 09:19 PM

කොහොමද මම කියපුදේ සත්‍ය වෙන්න කටයුතු යෙදෙනවා නේද ඒක තමයි අද මාතලේ මිනිස්සු ඔටුන්න හිමියා ජනාධිපති කරන්න යෝජනා කලා කියන්නෙ රටේ විනාශය ඉතසිතින් පතන සැවොම ඔටුන්න හිමියා ජනාධිපති කරන්න පෙල ගැසෙන්නකෝ.මිනිහා ඉදිරිපත් වෙනවා නම් අකමැත්තෙන් වුනත් මාලිමාව ජයග්‍රහණය සදහා කටයුතු කරනවා

:       1       8

රංබොඩ Monday, 26 February 2024 04:52 PM

හම්බන්තොට වරාය චීනෙට දීලා ඉවරයි. ආයෙ සැළසුම් ගැන බොරු කතා කියවලා වැඩක් නෑ. ටයි මහත්තයා විකුණගෙන කාලා ණයට ජොලි කරලා ගෙදර යයි.

:       3       19

පී. බමුණුසිංහMonday, 26 February 2024 06:49 PM

බදු දීලා තිබුණු හින්දා බේරුණා.. නැත්නම් ණය ගෙවාගන්න බැරව චීනෙට සින්න වෙනවා. ඒක දැන් හවුල් සමාගමක්. ගියවසරේත් ඩොලර් මිලියන 4000ක් පාඩුයි. ක්‍රේන් හතරයි තියෙන්නේ... කොළඹ වරාය ගානටවත් තරගකාරී වෙන්න තව ඩො.මිලියන අවම වශයෙන් ඩොලර් මිලියන තුන් හාරදහක් වෙනවා. ඩුබායි සහ සිංගප්පුරුව සමග තරගකාරි වරායක් විමට තව කොච්චර මුදලක් අවශ්‍ය වේදැයි හිතන්න. ඒවගේ මුදලක් ආයෝජනය නොකර හිස් වරායක් පවත්වාගෙන යන්න බෑ. දැන් ඔවුනුයි ඒ මුදල් ගේන්නේ. ඒකේ බර ආණ්ඩුවට නැහැ. නැත්නම් ඒකත් මත්තල වගේ වේවි...!

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site