IMG-LOGO

හම්බන්තොට වරායේ RORO මෙහෙයුම් කාර්යක්ෂමතාවට ජාත්‍යන්තර පැසසුම්

සුගිය වසර කිහිපය තුළ, ලොව විශාලතම නැව් සමාගම් කිහිපයකට අයත් නෞකා RO-RO මෙහෙයුම් කටයුතු සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තුළ සහ ඉන් පිටත ක්‍රියාත්මක වීමත් සමඟ, වාහන ප්‍රතිනැව්ගත කිරීම සඳහා ජාත්‍යන්තර වරායන් අතර ඉහළතම නම් ලත් වරායක් ලෙස ස්ථානගත වී ඇතැයි එම වරාය සමාගම සඳහන් කරයි.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසන්නේ, ඉහළ ප්‍රමිතීන් සඳහා ගෞරව නාම ලබනවාත් සමගම, වරාය මීළඟ පියවර දෙස බැලිය යුතු බවයි. ඒ මහතා මෙසේද සඳහන් කළේය. “පිරිපහදුව, බලශක්ති කේන්ද්‍රය, සහ බහාලු‍ම් ප්‍රතිනැව්ගත කිරීම යන තුනම මේ සඳහා වැදගත්.  බහාලු‍ම් හැසිරවීම සඳහා පරිපූර්ණ පිවිසීමක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යයි. ඒ සඳහා දියුණු කළ හැකි විශාල වෙළෙඳපොළක් තිබෙන අතර, එක්සත් ශ්‍රී ලාංකික සන්නාමයක් යටතේ අපට එය අත්පත් කර ගැනීමට පුළුවන්. එසේ කිරීමෙන් රටට ප්‍රතිලාභ ලැබෙනවා පමණක් නොව, ඉන්දු-පැසිෆික් සහ ඈත පෙරදිග කලාපයන්හි නිෂ්පාදකයන්ටත් පිරිවැය වාසි ලබා ගත හැකි  වනු ඇති.  එමෙන්ම, ඈත පෙරදිග, ගල්ෆ් සහ යුරෝපීය රටවල සිට අප්‍රිකානු වෙළඳපොලවල් වෙත ළඟාවීමට ද රුකුලක් වනු ඇති.’’

HIP හිමිකරගත් නවතම සහතිකය වන්නේ, 2022 අප්‍රේල් 1 සිට 2023 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ කිසිදු  හානියකින් තොරව තම මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සහ ආරක්ෂිතව මෝටර් රථවාහන හැසිරවීම වෙනුවෙන් MOL නැව් සමාගමෙන් ලත් ඇගයීම් ප්‍රදානයයි. පසුගියදා චෙන්නායි හි Residencyහෝටලයේ පැවති නැව් සමාගමේ (ඉන්දියානු සහ ඉන්දියානු සාගර කලාපීය) වාර්ෂික සිවිද්‍යෝරු (Stevedore) රැස්වීමේදී වාර්ෂිකව 40,000 කට අධික MOL හැසිරවීම යන කාණ්ඩය යටතේ මෙම සම්මානය පිරිනමන ලදී.     

ප්‍රමිතිය, සෞඛ්‍යය, ආරක්ෂාව සහ පරිසරය (QHSE) කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ශ්‍රී ලංකාවේ ISO සහතික ලත් එකම වරාය වන HIP ස්ථීර පිළිවෙත් සහ ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිය RORO මෙහෙයුම් සඳහා සම්මාන කිහිපයක්ම  දිනා තිබෙනවා. “දේශීය සහ ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුගත වීම අනිවාර්යය වශයෙන් කළ යුත්තක් ලෙස අප සලකනවා. පාරිසරික ප්‍රමිතීන්, රේගු ක්‍රියා පටිපාටි සහ අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයේ  (IMO) රෙගුලාසිවලට අනුකූලවීම වැනි සියලු‍ම අංශ දෙස අපගේ අවධානය යොමු වන අතර වරායේ සියලු‍ම මෙහෙයුම් නියමිත ප්‍රමිතීන්ට අනුකූලව පවත්වන බව සහතික කිරීම සඳහා විගණන සහ පරික්ෂා  නිතිපතා සිදුකරනවා”‍.

595



අදහස් (0)

හම්බන්තොට වරායේ RORO මෙහෙයුම් කාර්යක්ෂමතාවට ජාත්‍යන්තර පැසසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 563 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 996 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site