IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හම්බන්තොට වරායේ කළුගල අපනයනය කරයි

(අංජුල මහික වීරරත්න)

සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය කිරීමට කැබිනට අනුමැතිය ලැබී ඇත.

මේ වන විට ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කළුගල් අවශ්‍යතාවය සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් කළුගල් කැණීම් කර්මාන්තයේ නිරත කැණීම් කරුවන් හා ඒ සම්බන්ධිත ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ගයන්ට දැඩි බලපෑමක් ඇති වී තිබෙන බව රජය පවසයි.

එම තත්ත්වය සැලකිලට ගනිමින් සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපැයීමේ වැඩපිළිවෙල කෙටි කාලීනව ක්‍රියාත්මක කිරීමේ යෝග්‍යතාවය හඳුනාගෙන ඇත.

හම්බන්තොට මාගම්පුර වරාය ඉදිකිරීමේදී ඉවත් කරන ලද කළුගල් තොගයක් දැනට එම වරාය භූමියේ පරිපාලන ගොඩනැගිල්ල අසල හා හම්බන්තොට නව රෝහල් පරිශ්‍රයේ ගොඩ ගසා ඇති අතර එකේ කළුගල්  කඩිනමින් ඉවත් කළ යුතුව පවතින බව රජය පවසයි.



අදහස් (5)

හම්බන්තොට වරායේ කළුගල අපනයනය කරයි

ravin Tuesday, 30 January 2024 01:24 PM

ලංකාවේ වටේ ඇතිවෙන මුහුදු කාදනයට ගල් වැටි දැමීමට කළුගල් අවශ්‍ය නැද්ද ?අනුමතය්ටා ඉදිරිපත් කරපු අනුමත කරපු අයව අපනයනය කළා නම් ?

:       56       40

DonTuesday, 30 January 2024 09:07 PM

කියලා වැඩක් නැහැ ඕවා ගැන... ඩොලර් එකක් ලැබෙනවා නම් ඕන එකක් විකුණයි...

:       0       1

මොට්ටපාල Wednesday, 31 January 2024 06:12 AM

ඉතාමත් කාලෝචිත අදහසක් තමයි... රවින් ඉදිරිපත් කර තියෙන්නේ කාලයෙන් කාලයට වෙරළ සංරක්ෂණය කරන්න අවශ්‍ය වෙලා තියෙද්දී ඒවා ගැන නොසිතා, නොසලකා භූමිය ඛාදනය ගැන නොසලකා මෙහෙම මුග්ධ අදහස් ඉදිරිපත් කළේ කවුද? මෙහෙම කරන්න ගියාම ඒවායේ රස වැටුණාම ගල් පමණක් නොවෙයි, පසුත් විකිණීමට කටයුතු කරාවිද කියලා සැකයි. මේ අදහස බැහැර කර ඔය ගල් යොදාගෙන වෙරළ සංරක්ෂණය කරන්න කියලා මතක් කරනවා...!

:       0       1

Bamunuarachchi Tuesday, 30 January 2024 10:56 PM

ඒ ඒ කාලවල ඇතිවෙන මුහුදු ඛාදනය නැවත ගොඩවෙනවා. අවුරුදු දස දහස් ගණනක් ඔය මුහුදු කෑම සිද්ද වුණා. ඒත් තවම රට ඒ විදිහටම තිබෙනවා...

:       1       5

Rocky Wednesday, 31 January 2024 06:15 AM

සීගිරිය, යාපහුව, මිහින්තලය බේරාගනිමු...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site