IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


හම්බන්තොට වරායෙන් අසල්වැසි ප්‍රජාවට අත හිත

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), දිස්ත්‍රික්කය තුළ පවත්නා මහා පරිමාණයේ අවශ්‍යතාවලට විසඳුම් ලබා දෙනවා මෙන්ම, තමන්ට ආසන්න අසල්වැසි ප්‍රජාවේ ගැටලු සඳහාද අවධානය යොමු කිරීමට සෑම විටම සූදානම්ව සිටියි. 

ඒ අනුව, ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘති මුලපිරීම හසුරුවන HIP මානව සම්පත් අංශය විසින් එවන් ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නංවන ලදී.

ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් ‘‘සයුර සුරකින රැල්ල”‍ සංකල්පය හා සමගාමීව දියත් කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී වූ හම්බන්තොට ජාත්‍යන්තර වරාය, ඒ සඳහා අනුග්‍රහය දැක්වීය. 

මෙම තිරසාර මුලපිරීම දීර්ඝ වැඩසටහනක කොටසක් වූ අතර, එය වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ උපදේශකත්වය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පැවැත්වීය. වැඩසටහනට දායකත්වය ලබා දුන් දහසකට ආසන්න පිරිස, වෙරළ තීරයෙන් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7500 ක් පමණ ඉවත් කිරීමට සමත් විය.

එමෙන්ම දෘශ්‍යාබාධිත වැඩිහිටි සාමාජිකයන් 28 දෙනෙකු වෙසෙන “සරණ අන්ධ වැඩිහිටි නිවාසය” වෙත වියළි සලාක සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද වරාය විසින් ලබාදෙන ලදී.

“අපගේ ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියු මහතාගේ දැක්ම යටතේ අලි මිනිස් ගැටුම, සමුපකාර ආකෘතියක් යටතේ ගම්වැසියන්ට ඔවුන්ගේ ජීවනෝපාය දියුණු කර ගැනීම සඳහා සහය වන “හෝප් විලේජ්” ව්‍යාපෘතිය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණාගාරයට අරමුදල් සැපයීම හරහා කලාපයේ සෞඛ්‍ය සේවා පහසුකම් වර්ධනය කිරීම වැනි රාජ්‍ය ආයතන සමග හවුල් ව්‍යාපෘති රැසකට දායක වීමට අපට හැකි වුණා. අප අවට පාරිසරික හා සමුද්‍ර දූෂණය අවම කිරීම සඳහා වෙරළ පිරිසුදු කිරීම සහ අසල්වැසි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම වැනි සාමාන්‍ය සමාජීය ඕනෑකම් පිළිබඳව සොයාබැලීම අපගේ වගකීමක් ලෙස අපි දකිනවා. මෙය අවට ඇති ස්වභාවික සහ සමාජ පරිසරය සමඟ කුඩා සහ විශාල මට්ටමෙන් තිරසාර ලෙස සම්බන්ධ වීම සඳහා අප දක්වන කැපවීමේ කොටසක්,’’ මානව සම්පත් හා පරිපාලන ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී ජීවන් ප්‍රේමසර මහතා පැවසීය.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

හම්බන්තොට වරායෙන් අසල්වැසි ප්‍රජාවට අත හිත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site