
(සනත් ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයට දින කිහිපයක සිට නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගාව ඇතුළු අතිරේඛ භෝග වගාවන්ට බරපතල හානී සිදුව ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පි සුමණසේකර මහතා කියයි.
මහ කන්නයේ වගා කර ඇති කුඹුරු වලින් සැලකිය යුතු ප්‍රමානයක් මේ වනවිට ජලයෙන් යටවීම සිදු වි ඇති අතර ගොඩ ගොවිතැන් කර ඇති අතිරේඛ භෝග වගාව්න වන එලවළු , පලතුරු , මිරිස් වගාවන්ටද බරපතල හානී සිදු වී ඇති බවත්, හානිය කොතෙක්ද යන්න තවමත් තක්සේරු කර නොමැති බවද දිස්ත්‍රික් ලේකම් වරයා සඳහන් කලේය.
තිස්සමහාරාමය ප්‍ර දේශිය ලේකම් කොට්ඨාශයේ වැඩිම හානියක් මේවනවිට වාර් තා වි ඇත. ලුණුගම්වෙහෙර, හම්බන්තොට, විරකැටිය, අම්බලන්තොට, තංගල්ල යන ප්‍ර දේශවලද වගාවන් සඳහා හානි සිදු වි ඇත.
අධික වැසි හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 200 කට ආසන්න පිරිසක් අවතැන් වි සිටිති. මේ අතර මාර්ගද ජලයෙන් යට වී තිබේ. තිස්ස ප්‍රධාන මාර් ගය වැලිගත්ත ප්‍රදේශයෙන් ජලයෙන් යටවි ඇති අයුරු ඡායාරූපයේ දැක්වෙයි
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හම්බන්තොට මාර්ග ජලයෙන් යටවෙයි:වගාවන්ටත් දැඩි හානි
Sujeewa Liyanage Wednesday, 10 January 2024 01:12 PM
රනිල්ගේ පිනට වහින්නේ...! මීට වජිර...
චන්දන Wednesday, 10 January 2024 02:57 PM
අමරවීරගෙ කුඹුරත් යටවෙලාද? එහෙනම් ආධාර දෙයි.