(නිමල කොඩිතුවක්කු)
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සිදුකරන ආයෝජන ව්‍යපෘති සාර්ථක වී ප‍්‍රදේශය දියුණු වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඇස් පියාගෙන ඉවත බලාගෙන හම්බන්තොට යාමට සිදුවනු ඇතැයි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසීය.
හම්බන්තොට ආයෝජන ව්‍යාපෘතිය රටේ ආර්ථික දියුණුවේ හැරවුම් ලක්ෂය බවට පත්වනු ඇති බවත් එය දරා ගැනීමට නොහැකි පිරිස් එම ව්‍යාපෘතියට එරෙහි වැරදි ප‍්‍රචාර යවමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්තානයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා මෙසේද කීය.
‘‘අපේ රටේ එතෙක් මෙතෙක් සිදුවු දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය පසුගිය 24 වැනි දා හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඩොලර් මිලියන 3850ක සෘජු විදේශීය ආයෝජනයක් වන තෙල් පිරිපහදුවේ කටයුතු එදින ආරම්භ කෙරුණා.
මේ තෙල් පිරිපහදුව මගින් රැකියා අවස්ථා 4500ක් පමණ අලූතින් බිහිවෙනවා. 1978 වසරේ සිට මේ දක්වා අපේ රටේ සමස්ත විදේශ ආයෝජන තියෙන්නේ ඩොලර් බිලියන 17.5ක් පමණයි. මේ කෙටි කාලයක් තුළ ඩොලර් බිලියන 3.85 ක ආයෝජනයක් අපිට ගේන්න පුළුවන් වුණා. ඒක අපේ රටේ ආර්ථිකයේ විශල වර්ධනයක් වෙනවා.
මේ ආයෝජනය ගැන නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ටොන් ගනන් බොරු ප‍්‍රකාශ කරලා තිබුණා. මේ ආයෝජන භූමිය වරායට දුරයි කිව්වා, හම්බන්තොට මහ රෝහල යටින් අපි තෙල් නළ යොදනවා කියලා කිව්වා. ඒ වගේම මේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නිසා හම්බන්තොට ලූනු ලේවාය අපවිත‍්‍ර වෙනවලූ. ඒ අයට මේ හම්බන්තොට ලූනු ලේවාය වටිනා සම්පතක් නම් මෙතන වරායක් හැදිය යුතු නැහැ.
ඡායාරූප - ළහිරු හර්ෂණ

 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘හම්බන්තොට දියුණු වෙනකොට නාමල්ට ඇස්පියාගෙන යාමට සිදුවෙනවා’