IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් තෙල් විසිරීම පාලනය කිරීමේ පෙරහුරුවක්

කිසියම් ලෙසකින් මුහුදට තෙල් ඉහිරීමේ ආපදාවක් ඇති වුවහොත් එය මැඩලවීම සඳහා තම හදිසි සේවාවන්හි පෙර සූදානම තවදුරටත් ශක්තිමත් කිරීමේ අටියෙන් විශේෂ පෙරහුරුවක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිතව පසුගියදා පැවැත්විණ. ශ්‍රි ලංකා වෙරළාරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව එය සිදු කරන ලදී.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG)ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා මෙසේ පැවසීය. ‘අප සැම විටම අනපේක්ෂිත සිදුවීම් සඳහා සූදානම්ව සිටින අතර අනතුරු වළක්වා ගැනීම සඳහා සියලු‍ම සෞඛ්‍ය ආරක්‍ෂිත පියවර ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ නිසාම, මෙවැනි පෙරහුරු අපගේ ප්‍රමිති මෙහෙයුම් ක්‍රියාපිළිවෙත තුළ අත්‍යවශ්‍ය අංගයක්. ප්‍රමිතිය, සෞඛ්‍යය, ආරක්ෂාව සහ පරිසරය (QHSE)කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම වෙනුවෙන් ISO සහතික ලත් එකම ශ්‍රී ලාංකික වරාය HIP වන අතර අප විසින් සිදු කරන ලද මෙම තෙල් විසිරීම පාලනය කිරීමේ පෙරහුරුවද ISO ප්‍රමිතීන්ට අනුකූලව සිදු කළ බව වැඩිදුරටත් අවධාරණය කළ යුතුමයි.’’

මෙවන් පෙරහුරු හදිසි අවස්ථා සඳහා වරායේ සූදානම් භාවය ඉතා ඉහළම තත්වයක තබා ගැනීමට මෙන්ම තම ප්‍රතිචාර හැකියාව නිරතුරුවම තියුණු කරමින් දේශීය හා ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුකූල වීම සඳහා HIP හට ඇති කැපවීම තහවුරු කරන්නක් බව හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් සමාගමේ (HIPS)  ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් රවී ජයවික්‍රම මහතා පවසයි.

“මෙවැනි පෙරහුරු මගින් තෙල් ඉහිරීමක් ඇති වුවහොත් අපගේ කණ්ඩායම් ගත යුතු ක්‍රියා පටිපාටීන් පිළිබඳ වටිනා පුහුණු අවස්ථා ලබා දෙනවා. විශේෂිත උපකරණ භාවිතය, ප්‍රතිචාර ක්‍රියාත්මක කිරීම සහ සැබෑ ආපදාවකදී ඔවුන්ගේ කාර්යයන් සහ වගකීම් අවබෝධ කර ගැනීමට මෙය පිටුවහලක්. මෙම අභ්‍යාසය මගින් අපගේ තෙල් විසිරීම වළක්වන උපකරණ (booms)  සහ ඉහිරුණු තෙල් එකතු කරන (skimmers) උපකරණවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමට සහ ඒවාහි නිවැරදිතාව පරීක්ෂා කිරීමටද අවස්ථාව ලබා දෙනවා. මෙමගින් ඉහිරීමක් සිදු වුවහොත් පරිසරයට සහ ප්‍රජාවට සිදුවන බලපෑම අවම කර ගැනීමට අපට හැකිවනවා.”

-595

 



අදහස් (0)

හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් තෙල් විසිරීම පාලනය කිරීමේ පෙරහුරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site