IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හම්බන්තොටට විදුලි ගබඩාවක්

(ඩයනා උදයංගනී)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම් සහ විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථාවලදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා විදුලිය ගබඩා කර තබාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කොරියානු ජනරජය සමඟ ශ්‍රී ලංකා රජය අත්සන් තබා ඇති ප්‍රදාන ආධාර සම්මුතිය යටතේ හම්බන්තොට ජාල උපපොළ ආශ්‍රිතව මෙගාවොට් 5ක ධාරිතාවයකින් යුත් මෙගාවොට් පැය 8ක් සඳහා වන විදුලි ගබඩා පද්ධතියක් ස්ථාපිත කිරීමට කොරියානු රජය එකඟතාව පළ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා කොරියානු වොන් බිලියන 14.3ක් (ඇමරිකානු ඩොලර් මිලියන 11.9 ක් පමණ) ලබාදීමට කොරියානු රජය එකඟතාවය පළ කර ඇති බව කී අමාත්‍යවරයා ඒ අනුව එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ පාර්ශවයන් අතර ගිවිසුම් අත්සන් කිරීමට විදුලිබල හා බලශක්ති  අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙම අනුමැතිය හිමි වූ බව ද ප්‍රකාශ කළේය.

ඇමති බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (4)

හම්බන්තොටට විදුලි ගබඩාවක්

ravin Tuesday, 31 January 2023 01:24 PM

තවත් කොමිස් වැඩ පිළිවෙලක්

:       0       1

ලංකාවේ මිනිස්සු Tuesday, 31 January 2023 03:09 PM

යකෝ හම්බන්තොට මිනිස්සු විතරද මිනිස්සු . අපි ඔටුවොද?

:       2       5

විජිත් Tuesday, 31 January 2023 04:09 PM

හම්බන්තොට පැත්තේ ඒ කාලෙනම් හිටියේ බයියෝ කියලා කියන කකුල් තුනේ සත්තු වගයක්,උන්ට මොලය කියන කොටස නැහැ, ටකරම්,වැසිකිලි පෝච්චි ,සිල්රෙදි, කුඩ ආදිය ආහාරයට ගන්නා අතර කසිප්පු බොති.දැන් දැන් ඔවුන් පරිනාමයවී ක්‍රමක්‍රමයෙන් මොලය වැඩි ,දියුණු පාරිභෝජන රටාවකට හුරුවෙමින් සිටින බව ආරංචියි.ඔවුන් ඒ තත්වයට පත්වී ඇත්නම් එය රටට සුබ ආරංචියක් වේවි.

:       0       5

swene Wednesday, 01 February 2023 06:11 AM

ණයද? ඍජූ ආධාරද ? ඉදිරි පරපුරට ගෙවන්න වෙයිද ? එසේ නම් කොමිස් ලබාගෙන තිබේද? ඒවා ගැනත් කට උල් කරලා බොරුවට හරි පැහැදිලි කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site