මේ ටිකේම උදේ නැගිටපු වෙලාවේ ඉදන් රෑ නින්දට යනකන් අහන්න දකින්න වෙන දේවල් එක්ක ට්‍රැක් වැසියො තනිකරම ට්‍රැක් එකෙන් පිට ගිහිල්ලයි ඉන්නේ. එහෙන් ජනාධිපතිවරණ , මෙහෙන් ක්‍රිකට්, අරහෙන් දේශපාලක ඇත්තෝ ඉස්ගෙඩි වගේ එහෙට පනිනවා මෙහෙට පනිනවා. එහෙට බැන බැන මෙහෙට එනවා. මෙහෙන් බැන බැන එහෙට යනවා. අනේ ඉතින් අහිංසක ට්‍රැක්වැසියෝ වෙන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියලා නොදැන කට ඇරන් මේ බහුබූත ඔක්කොම බලන් ඉන්නවා.
ඒ අස්සේ බංගලියෝ ට්‍රැක් වැසියන්වත් කොපි කරන්න අරන්. අපේ අරගලේ දැකලද මන්දා, රට කරවන ඇත්තෝ පිස්සු කෙලිනවා කියලා මෙහේ වගේම එහෙත් අරගල තියලා , රටේ ඇත්තෝ පන්නලා. මෙහෙ වගේම පොදු දේපල විනාස කර කර ,මනමාලිගේ ගෙදර අය මනමාලයාගේ ගෙදර දෑවැද්ද ගෙනියනවා වගේ. රෙදි කොට්ට මෙට්ට ඇද ඇතිරිලි පුටු මේස පිඟන් පීරිසි කර තියාගෙන ගෙවල් වල උස්සන් යනවා. හුරේ දාලා ගෙනිච්චා වගේ නෙමෙයි ඉතින් පස්සේ පස්සේ ගෙනියපු අය හොයන් එද්දි. රජය උනත් දැනගන්න ඕනේ , රටේ ජනතාවට අධික විදිහට පීඩනය දුන්නම , පීඩිත ජනතාව එකතු උනොත් ලේසි පහසු නෑ කියලා.
මීට අවුරුදු 20 කට විතර කලින් ට්‍රැක් ලන්තේ තිබුනු විදිහයි දැන් ට්‍රැක්ලන්තේ තියන විදිහයි බලද්දි ඉතින් ඒ කාලේ ආර්ථිකමය වශයෙන් මිනිස්සු කොච්චර සතුටින් සැහැල්ලුවෙන් හිටියද. ඒකට දැන් පොළට ගිහින් රුපියල් 5000 ක් දීලා සොච්චම් බඩු ටිකක් අරන් කරබාගෙන, අහස පොළොව ගැටලන්න කල්පනා කර කර තමා මිනිස්සු පාරේ යන්නේ. වැඩි කරගෙන ගිය සමහර බඩු භාණ්ඩ එහෙම්මමයි. පොඩ්ඩක්වත් මිලගනන් අඩු නෑ. හැමදේකින්ම පීඩාවත පත්වෙන්නේ අහිංසක ට්‍රැක් වැසියෝ.
රටේ ප්‍රශ්න අමතක වෙන්නත් එක්ක කියලා ක්‍රිකට් බලන ට්‍රැක් වැසියෝ ඊට පස්සේ ඉන්නේ උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දීලා. ප්‍රශ්න මදිවට ප්‍රශ්න. ක්‍රිකට් ලෝලියෝ නියපොතු කකා ක්‍රිකට් බලන්නේ. මැච් එක ඉවර වෙද්දි ඇඟිලිවල නියපොතුත් නෑ. මැච් එක දින්නොත් ඉතින් ටීම් එකේ අය දෙවිවරු සේ සලකලා වන්දනාමාන කරන ට්‍රැක් වැසියෝම මැච් එකක් පැරදුන ගමන් ටීම් එකේ ඇත්තොන්ගේ මවුපියන් මතක් කරන්නත් අමතක කරන්නේ නෑ ඉතින්. ට්‍රැක් වැසියොත් දැනගන්න ඕනේ ක්‍රිකට් ටීම් එකටත් ඩාම් වෙනවා ඩූම් වෙනවා කියලා. දිනලා දිනලා පරදිනවට වඩා පැරදිලා පැරදිලා පැරදිලාම යන එකෙත් පොඩි මෙව්වා එකක් ඇති ඉතින්.
ඔක්කොටෝම වඩා හපන් ගෙවල්වල ඉන්න ක්‍රිකට් දාර්ශනිකයෝ " ඔහොම නෙමෙයි මෙහෙම ගැහුවා නම් හයයි, අරයව නෙමෙයි මෙයාව මෙතෙන්ට දැම්මා නම් හරි , මුන්ට ක්‍රිකට් ගහන්න බෑ, ඒ බෝලෙට මෙහෙම ගහන්න තිබ්බේ.. " ආදී වශයෙන් ටී වී ඉස්සරහා ඉන්න දාර්ශනිකයෝ ඉතින් ක්‍රිකට් උගන්වනවා. ඇයි දෙයියනේ මේ මිනිස්සු පිටියට යවන් නැත්තේ. ප්ලීස් බලධාරීන් මේවට අවධානය දෙන්න. ඒ අතරේ ඉතින් තවත් අය ටීම් එකට කාන්තා ක්‍රිකට් සාමාජිකාවියන් දැම්මා නම් දිනයි කියලත් යෝජනා කළා.
මේ ඔක්කොමත් එක්ක විවිධාකාර වරප්‍රසාද ලබා ගැනීම පිණිස දේශපාලන පක්ෂ මාරු කර කර රට කරවන ඇත්තෝ බට්ටෝ පනිනවා. පුදුම පිල් මාරුවක් ඒක. ඊයේ ස්ටේජ් එකේ නැගලා පලු යන්න බැනලා , වැරදි කියපු පිලට හෙට වෙද්දි මාරු වෙලා. ඒ ඇත්තෝ නම් කියන්නේ ඉතින් තනතුරු , බල තල නිසා නෙමෙයි ට්‍රැක්ලන්තෙට ආදරේට කියලා. අනේ ඉතින් මේ ඔක්කොම ආදරේ නිසානේ දෙයියනේ. බලන්න එයාලා අපිට තියන ආදරේ. ලAnchorජ්ජාව ටොමියට දාලා පිල් මාරු කරන්නේ රටට ජනතාවට තියන ආදරේ නිසානේ කියලා මතක් වෙද්දි බඩ පපුව හෝස් ගාලා යනවා. ට්‍රැක් වැසියෝ මේවට අනම් මනම් කියනවා එහෙම නෙමෙයි ඔන්න. සමහරු කියයි ඉතින් තනතුරු ගන්න, සල්ලි වලට කියලා. ඒගොල්ලෝ එහෙම නෑ හොඳේ.
ජයනි සිතාරි අල්විස්.
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හැමතැනකම බහු බූත කෝළම්
ඩිනෙශ්ඩීඒස් ටීස් Thursday, 05 September 2024 11:48 PM
හරි හිනා...!