(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ශල්‍යකර්මයකට ලක් කළ රෝගියකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා හෝමාගම මූලික රෝහලේ ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකය අද(06) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ සහ ශල්‍යකර්මයට සහභාගී වූ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය පී.සී.ආර් පරීක්ෂණයට ලක් කරන තෙක් ස්වයං අවධානයට ලක් කිරීමට පියවර ගත් බවද වෛද්‍යවරයා පැවසීය.
ඉකුත් 4දා රිය අනතුරකට ලක් වූ අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලේ තුනේ වාට්ටුවට ඇතුළත් කර ඇතැයි ඒ මහතා කීය. පසුව ඔහුගේ අසාධ්‍ය තත්වයේ හේතුවෙන් 05 දා ශල්‍යකර්මයකට යොමු කර ඇති අතර එහිදී පී.සී.ආර් පරීක්ෂණයකට ද ලක් කර ඇතැයි පැවසේ.
ශල්‍යකර්මයෙන් පසුව ඔහු රෝහල් දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇත. රෝගියාගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව අද ලැබී ඇති අතර එහිදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇතැයි පැවසේ.
ඒ අනුව රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ ශල්‍යාගාරය විසබීජහරණය කර යථා තත්ත්වයට පත් කරන තෙක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන, ශල්‍යකර්මය සඳහා සහභාගි වූ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජනිත ආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකය-ශල්‍යාගාරය වසා දමයි
janahitha UAE Friday, 06 November 2020 02:01 PM
අපේ සුබපැතුම්...!!!