(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හෝමාගම මාගම්මන සුඛෝභෝගී නිවාස සංකීර්ණයකදී කාන්තා දිනයදා උපන්දිනයක් නිමිත්තෙන් මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් 27 දෙනාගෙන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් පස් දෙනකු හා මුදලට පැමිණි බවට සැක කරන තරුණියන් තිදෙනකු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් හය දෙනකු මෙම මස 14 වෙනිදින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් ඉෂාරා ජයකොඩි මහත්මිය නියෝග කළාය .
රිමාන්ඩ් භාරයට පත්වූවන් අතර සරසවි සිසුවෙකුද වේ.
මුදලට පැමිණි බව කියන කාන්තාවන්ගේ සමාජ රෝග වාර්තාවක් එදිනට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.
හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් දෙදෙනා ශරීර ඇප මත මුදා හැර තිබිණි.
හෑෂ් මත්ද්‍රව්‍ය මිලිගෑම් 20 ක් හා මත්පෙති තුනක් හා සුඛෝභෝගි මෝටර් රථයක් සමඟ සැකකරුවන් පස්දෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.
හෝමාගම මාගම්මන ප්‍රදේශයේ සුඛෝභෝගි නිවාස සංකීර්ණයට තරුණ තරුණියන් රැසක් පැමිණ මධ්‍යම රාත්‍රියේදී මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට කහතුඩුව පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබිණි.
ඒ අනුව එම ස්ථානය වටලා පෞද්ගලික සරසවියක සිසු සිසුවියන් 17 ඇතුළු 27 කු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි
මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් තරුණයන් සහ මුදලට පැමිණි බව කියන තරුණියන් හැරෙන්නට සෙසු තරුණ තරුණියන් 19 දෙනා පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබිණි.
.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝමාගම මත් සාදයේ 8ක් අධිකරණයට:6ක් රිමාන්ඩ්:19කට පොලිස් ඇප