(සමන් පාලිත නානායක්කාර )
ධාරානිපාත වර්ෂාව සමඟ විශාල ගල් පර්වත සමඟ පස් කඳු කඩා වැටීමත් විශාල ජල පහරක් මාර්ගය ඔස්සේ ගලා යාමත් නිසා අවහිර වූ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර ප්‍රදේශය අද( 22 ) අලුයම වන විට යළි සම්පූර්ණයෙන්ම විවෘත කළ බව බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මෙම කොටසට තැනින් තැන ගල්පර්වත සමග පස් කඳු කඩා වැටීම සහ විශාල ජල පහරක් මාර්ගය ඔස්සේ ගලා යාම නිසා වාහන ධාවනය කිරීම ඉකුත් 21 දින පැය හතරකට අධික කාලයක් සම්පූර්ණයෙන්ම ඇන හිටියේය.
කාර්යබහුල මෙම මාර්ග කොටසේ ආ ගිය වාහන වල ගමන් ගත් පිරිස් 99 මාර්ගයේදී අනූනවයෙන් දිවි බේරා ගත් බව ප්‍රදේශවාසීහු පැවසූහ.
සෙසු කදුකර මාර්ග භාවිතා කිරීමේදී විමසිලිමත්ව රථවාහන ධාවනය කරවන ලෙසත් අවදානම් කලාපවල සිටින ජනතාව නායයාමේ පූර්ව ලක්ෂණ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙසත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදයකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හපුතලේ- බෙරගල මාර්ගය යළි විවෘතයි