IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හපුතලේ තැන් තැන්වල ණාය යයි

(සමන් පාලිත නානායක්කාර)

කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ  හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේ දී පස්කඳු සහ ගල් පර්වත කඩා වැටීමෙන් සම්පූර්ණයෙන් අවහිර වූ මර්ගයේ එක් මන්ත්‍රිරුවක් විවෘත කළ බව  බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය.

අධික වර්ෂාව සමග ගල් පර්වත සමග පස්කඳු කඩාවැටී තැනින් තැන මාර්ගය අවහිර වී ඇති අතර එම ස්ථානය දෙපස වාහන පෝලිමක් ද නවතා තිබෙන බවත් වාහන නවතා තැබීම ඉතා අනතුරුදායක බවත් පොලිසිය පවසයි.

අනතුරුදායක ලෙස නවතා ඇති වාහන ආරක්ෂාකාරී ලෙස ඉවත් කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන බවද පොලිසිය කියයි. ඉකුත් සතියේ ද මෙම ස්ථානයට නුදුරින් පස් කන්දක් කඩා වැටී මාර්ගය අවහිර වූ අතර නැවතත් එම ආසන්නයේම මෙම නා යාම සිදුවී ඇති බවද පොලිසිය කියයි.

මේ වෙන විට මහ වැසි සමඟ විශාල වතුර පහරක් ප්‍රධාන මාර්ගය ඔස්සේ ගලා යන බවද තැනින් තැනට විශාල ගල් පෙරළී තිබෙනු දක්නට ලැබෙන බවද රියැදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු පවසති.

බදුල්ල පස්සර හිඟුරුකඩුව මාර්ගයේ අමුණුමුල්ල ප්‍රදේශයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගය ද සම්පූර්ණයෙන්ම අවහිර වි ඇත.

 



අදහස් (0)

හපුතලේ තැන් තැන්වල ණාය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site