IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හොඳ සහල් තොගයක් සතුන්ට දෙන්න සඟවලා

(තිලකරත්න දිසානායක)

මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක පවතින සහල් මෙට්‍රික් ටොන් 21ක් සත්ව ආහාර සැකසීම පිනිස ඒකල ප්‍රදේශයේ ගබඩාවක තිබියදී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය සදහන් කරයි. 

මෙහිදී එම ගබඩාවෙහි භාරකරු සමග කළමනාකරුද අත් අඩංගුවට ගනු ලැබූ බවත් සහල් තොගයෙහි වටිනාකම රුපියල් ලක්ෂ 39 ක් පමණ වන බවත්  දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා පැවසීය. 

පොලොන්නරුවේ සිට සහල් තොගය රැගෙන විත් ඇති බව අනාවරණය වී ඇති බවද විමර්ශන ප්‍රධානීවරයා කීය.   

පාරිභෝගික සේවා අධිකාරියේ  1977 දරණ හදිසි ඇමතුම් අංශයට ලැබී ඇති තොරතුරක් මත එම අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල සහ ගම්පහ දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල යන මහත්වරුන්ගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කොට ඇති අතර අත් අඩංගුවට පත් සැකකරුවන් ජනවාරි මස 6 වෙනි දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණයහමුවේ පෙනී සිටීමට යටත්ව බැදුම්කර ඇපමත මුදාහැර ඇත. 



අදහස් (0)

හොඳ සහල් තොගයක් සතුන්ට දෙන්න සඟවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site