
(විමුක්ති එස් රුද්‍රිගු)
සඳුගේ සැබෑ වයස අප දැන සිටියාට වඩා අවුරුදු මිලියන 40 ක් වැඩි බව ඇපලෝ 17 මෙහෙයුමේදී පෘතුවියට රැගෙන ආ සඳෙන් ලබා ගත් සාම්පල විශ්ලේෂණය කිරීමේදී විද්‍යාඥයන් කණ්ඩායමක් සොයාගෙන තිබේ.
ඇපලෝ 17 ගගනගාමීන් වන යූජින් සර්නන් සහ හැරිසන් ෂ්මිට් 1972 වසරේදී සඳුගේ පෘෂ්ඨයෙන් පාෂාණ සහ පසෙහි සාම්පල ලබා ගෙන ඒවා පෘතුවියට රැගෙන එන විට සඳ පිළිබඳව තිබු විශාලතම ප්‍රශ්නයකට පිළිතුරු රැගෙන එන බවට ඔවුන් කෙදිනකවත් නොසිතන්නට ඇත.
ඔවුන් මෙලෙස පෘතුවියට රැගෙන ආ සඳුගේ සාම්පලවල බර කිලෝග්‍රෑම් 110 ක් පමණ වේ.එම සාම්පල එකතුකර වසර 50කට පසු මෙලෙස සඳුගේ සැබෑ වයස පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට එම විද්‍යාඥයන් පිරිස සමත් වී තිබේ.
සෞරග්‍රහ මණ්ඩලයේ උපතින් වසර මිලියන 110ක් ඇතුළත වසර බිලියන 4.46කට පෙර සඳු නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කරන බව විශ්ලේෂණ දත්ත මත පදනම්ව එම විද්‍යාඥයන් කණ්ඩායම පසුගියදා ප්‍රකාශ කළේය.
මීට පෙර සඳුගේ වයස වසර බිලියන 4.42 ක් බවට නිගමනය කර තිබිණ.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හඳේ වයසට ගැන ඉඟියක්
Hira Sunday, 29 October 2023 09:37 PM
එතකොට සර්වබලධාරී දෙවියන්ගෙයි වයස කියද ?
බකසුමන Sunday, 29 October 2023 11:34 PM
ඔය සඳෙන් අරගෙන එන පස් සඳ මැතිපිට පස්. මතුපිට තියෙන්නේ අවුරුදු බිලියන ගණන් සඳ මතට වැටුන උල්කාපාත වල කොටස්. කිලෝමීටර් ගානක් යටින් ගත්තොත් නම නියම සඳේ පස් ලැබෙයි.
Hira Monday, 30 October 2023 09:58 AM
හඳේ වයස මෙච්චර නම් දෙවිවරුන්ගේ වයස කියන්න කාටද පුළුවන්...?
Indhika Monday, 30 October 2023 10:39 AM
කළින් උප්පැන්න හදන්න ඇත්තේ ලංකාවේ කෙනෙක්. විමල්ගෙන් ඇහුවා නම් හරියටම දැනගන්න තිබුණා.