රංජිත් රාජපක්ෂ
වාහනයක ගැටී මිය ගිය හඳුන් දිවියකුගේ සිරුරක් අද (26) අලුයම හමු වී ඇති බව දිඹුල පොලිසිය පවසයි.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල රෝහලට නුදුරු ස්ථානයකදී මෙම හඳුන් දිවියාගේ සිරුර හමු වී ඇත.
හොදින් වැඩුණු මෙම හඳුන් දිවියාගේ ශරිරය පුරා තුවාල කිහිපයක් ද තිබෙන අතර, මෙම හඳුන් දිවියා එම මාර්ගයේ ගමන් ගන්නා වාහනයක ගැටී ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවට දිඹුල පොලිසිය සැකකරයි.
තේ වතු ආශ්‍රිතව සැරිසරන මෙවැනි හඳුන් දිවියන් විශාල ප්‍රමාණයක් පසුගිය කාලය තුළ මෙවැනි අනතුරුවලට හා මර උගුල් ඇටවීම නිසා ජිවිතක්ෂයට පත් වී ඇත.
මියගිය හඳුන් දිවියාගේ සිරුර නල්ලතන්නිය වනජිවී කාර්යාලයේ නිලධාරින්ට බාර දීමට දිඹුල පොලිසිය කටයුතු කර ඇත.


2025 ඔක්තෝබර් මස 08
1708
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1426
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හඳුන් දිවියකුගේ සිරුරක් හමුවෙයි
Sugandhi Monday, 26 November 2018 01:38 PM
ලංකාවේ සතෙක් වෙලා ඉපදෙන එකත් පවක්...