(ඩී.ජී.සුගතපාල)
ජාතික හැඳුන්ම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව මේ මස 22 වනදින සිට යලිත් ආරම්භ කිරිමට පියවර ගෙන ඇතැයි පුද්ගලයින් ලියා පදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් නියෝජ්‍ය කොමසාරිස් එම්.ඒ.එන්.මංචනායක මහත්මිය පැවසුවාය.
එක්දි සේවාව ලබා ගැනිමට පැමිණිමට පෙර තමන්ගේ බල ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගොස් දිනයක් ලබා ගත යුතු බවත් ඒ අනුව ලබාදෙන දිනයට අයදුම්කරු පමණක් පැමිණිය යුතු බවත් ඒ මහත්මිය පැවසුවාය.
පළමු අදියර යටතේ දිනකට හැඳුනුම් පත් පනහක් පමණ නිකුත් කිරිමට බලාපොරොත්තුවන නිසා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගොස් ඔන් ලයින් ක්‍රමය යටතේ අංකයක් හා දිනයක් ලබා ගත යුතු බවද එසේ දිනය හා වේලාව ලබා ගන්නා අය සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පැමිණිය යුතු බවද ඒ මහත්මිය පැවසුවාය.
ඔන් ලයින් ක්‍රමයට දිනය හා වේලාව ලබා නොගන්නා අයට මෙහිදි හැඳුනුම්පත් නිකුත් නොකරන බවද දකුණු පළාත් නියෝජ්‍ය කොමසාරිස් එම්.ඒ.එන්.මංචනායක මහත්මිය පැවසුවාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හැඳුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය 22දා සිට යළිත්
de silva Tuesday, 16 June 2020 08:12 AM
සාමාන්‍ය ක්‍රමයට නව හැඳුනුම්පත ලබාගැනීම සඳහා අනිවාර්යයෙන්ම කොළඹ ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතුද? ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය මගින් ඉල්ලුම් කර හැඳුනුම්පත ලබාගත හැකිද? එහෙම කරනවා නම් කොපමණ කාලයක් ගතවෙනවද?
de silva Tuesday, 16 June 2020 08:51 AM
කොරෝනා නිසා මිනිස්සු බොරුවට කොළඹ රස්තියාදු වෙනඑක භයානක දෙයක්... හැඳුනුම්පත් නිකුත් කිරීම පළාත්බදව කරන්න බැරිද?