(යොහාන් භාසුර)
වර්ෂාව හේතුවෙන් හානි වූ මාර්ග සහ පාලම් නැවත සකස් කිරීම ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. එම්. පී. සූරියබණ්ඩාර මහතා පැවසීය.
ධාරාණිපාත වර්ෂාව නිසා රට පුරා බොහෝ මාර්ග සහ පාලම්වලට හානි වී ඇති බවත් උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල මාර්ගවලට දැඩි හානි වී ඇති අතර ඌව සහ මධ්‍යම පළාත්වල මාර්ග රැසකට ද තරමක හානි වී ඇති බවත් ඒ මහතා කීය.
රට පුරාම ස්ථාන රැසක ගස් කඩාවැටීමෙන් මාර්ග අවහිරවීම් ඉවත් කිරීමටත් සුලු නාය යාම් නිසා වූ හානිවලට පිළියම් යෙදීමටත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන, ත්‍රිවිධ හමුදාව, පොලිසිය මෙන්ම එම ස්ථානවල ප්‍රදේශවාසීන් සමඟ එක්ව කටයුතු කරන බව කී සූරියබණ්ඩාර මහතා කොළඹ - රත්නපුර - වැල්ලවාය - මඩකලපු මාර්ගයේ 375/5 පාළමේ කොටසක් ගිලා බැසීමකට ලක්වීමෙන් පාළමේ ඉවුරක් හෝදාගෙන යෑමට ලක්ව ඇති බව ද පැවසීය.
එම මාර්ගයේ මංතීරුවක් මාර්ග සංවර්ධන අධිකාරිය තාවකාලිකව සකස් කර අවසන් කළ බවත් එම ස්ථානයේ තාවකාලික පාලමක් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඒ මහතා කීය.
මනම්පිටිය- අරලගංවිල (ඊ - 502) මාර්ගයේ 19/1 පාළමට හානි වී තිබෙන අතර එහි ගමනාගමනය ද අත්හිටුවා ඇති බව කී ඒ මහතා එම පාළම වෙනුවට තාවකාලික යකඩ පාළමක් ඉදිකිරීමට අමාත්‍ය බිමල් රත්නායක මහතා උපදෙස් පරිදි එය ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
464
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
463
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හානි වූ මාර්ග - පාලම් සකස් කිරීම අරඹයි