
(විමුක්ති එස් රුද්‍රිගු)
හින්දි දිවාස් එසේත් නැතිනම් හින්දි ජාතික සැමරීම සඳහා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී උත්සවයක් පැවැත්විණ.
ශ්‍රී ලංකාව පුරා සිටින හින්දි භාෂාවට කැමැත්තක් දක්වන්නන්, විද්වතුන්, ගුරුවරුන් සහ සිසුන් 75 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහභාගී විය.
උත්සවයේදී ශ්‍රී ලංකා සිසුන් 18 දෙනකුට ඉන්දියාවේදී හින්දි භාෂාව ඉගෙන ගැනීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව පිරිනමනු ලැබීය.එම සිසුන් ඉකුත් 15 වැනිදා ඉන්දියාව බලා පිටත් වූ අතර ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා එම සිසුන් හමුවී ඉන්දියාවේ අධ්‍යාපනය ලැබීමට පිටත් වීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කළේය.
හින්දි දිවාස් සැමරුම් උත්සවයේදී ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ KHS පාඨමාලා සාර්ථකව නිම කළ සිසුන්ට ද සහතික පත්‍ර පිරිනැමිණ.


2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හින්දිවලට කැමති සිසුන් 18කට ශිෂ්‍යත්ව