IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හෙද පුරප්පාඩු ඉක්මනින් පුරවනවා

(අංජුල මහික වීරරත්න)

හෙද සේවාවේ සැලකිය යුතු පුරප්පාඩු ප්‍රමාණයක් පවතින අතර බඳවා ගැනීම් තවත් කඩිනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙම වසරේ හෙද සේවාවට 4,141 ක පිරිසක් බඳවා ගැනීමට කටයුතු කර ඇති බව කී අමාත්‍යවරයා ඉතිහාසයේ  හෙද සේවාවට බඳවා ගත් වැඩිම පිරිස මෙය වන බව සඳහන් කළේය.

හෙද අනුස්ථාපන හා සමායෝජන සය මාසික පුහුණු පාඨමාලාව සඳහා විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 700 දෙනෙකු සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

අමාත්‍ය  නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී අද(31)මෙම උත්සවය පැවැත්විණි.

තවත් 2600 ක පිරිසක් ඉදිරියේ දී හෙද සේවාවට එක්වීමට නියමිත බව ද අද වන විට 43,500 ක පමණ  මානව සම්පතක් මෙරට හෙද සේවාව සතු වන බව මෙහිදි  අමාත්‍යවරයා පැවසීය.



අදහස් (1)

හෙද පුරප්පාඩු ඉක්මනින් පුරවනවා

කෞෂි Friday, 31 October 2025 06:24 PM

හෙද සේවා මූලික පුහුණුව උපාධියක් දක්වා උසස් කරන්න. කාලය සහ විෂය කරුණු වැඩිකිරීමෙන් සහ අනෙකුත් පහසුකම් සැපයුවොත් වෛද්‍යවරුන්ගේ විරෝධය නොතකා පහසුවෙන්ම මේක කරන්න පුළුවන්....

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site