IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ සේවය විධිමත් කරයි

(අංජුල මහික වීරරත්න)

සියලුම හදිසි මරණ පරීක්ෂක වරුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා හඳුනාගත් රෝහල් සඳහා අනුක්ත කිරීමටත් ද්විභාෂා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද්වි භාෂා හදිසි මරණ පරීක්ෂක වරුන් අලුතින් පත් කිරීමටත් පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අළුතින් බඳවා ගැනීම් සිදු කිරීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

හදිසි මරණ පරීක්ෂක වරුන් පත් කිරීම කෝරාළ පදනමින් නාගරික කොට්ඨාස පදනමින් හා රෝහල් පදනමින් සිදු කරනු ලැබ ඇති බැවින් අදාළ බල සීමාවන්හි මායිම් නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වීම හේතුවෙන් හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ සේවාව ලබා ගැනීමෙි දී ජනතාවට අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි රජය හඳුනාගෙන තිබේ.

එසේම දීර්ඝ කාලයක් තුළ හදිසි මරණ පරීක්ෂක පත්වීම් ලබා නොදීම මත ඇතැම් දිස්ත්‍රික්කයන්හි පුරප්පාඩු විශාල වශයෙන් පැවතීම හේතුවෙන් ද මහජනතාව අපහසුතා පැන නැගී ඇති බව රජය පවසයි.

එම ගැටළු නිරවුල් කර මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා විධිමත් සේවාවක් සැලසීමේ අරමුණින් හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීමේ සුදුසුකම් ඔවුන්ගේ වගකීම හා කාර්යභාරයන් ඇතුළු විධිවිධාන පැහැදිලිව දක්වමින් ස්ථාවර කාර්ය සංග්‍රහයක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය අමාත්‍යාංශය විසින් සකස් කරනු ලැබ ඇත.

 



අදහස් (2)

හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ සේවය විධිමත් කරයි

ශෂී දේවනාරායන Tuesday, 01 August 2023 08:22 AM

කොරනල්වරුන්ගේ දුරකතන අංක සහ පදිංචි ලිපිනය බල ප්‍රදේශයේ සියලු ග්‍රාම නිලධාරින්ට අනිවාර්යෙන් ලබාදෙන්න. සේවය සඳහා මුදල් අයකරනවා නම් ඒ මුදල සහ ගමන් ගාස්තු අය කරන්වා නම් එයත් පිළිබඳව ග්‍රාම නිලධාරින්ව දැනුවත් කරන්න. ඔවුන් හඳුනාගැනීමට නිල ලාංඡනයක් පැළඳීමට ලබාදෙන්න.

:       0       0

Perera Tuesday, 01 August 2023 08:26 AM

ඔව් ඉතින් රට යන විදිහට රටේ හදිසි මරණ සංඛ්‍යාව බෙහෙවින් වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site